IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කැලණියට බුදුන් යළි වැඩම කළ වගයි

අගෝස්තු 20 වැනිදා සිට ලංකාවේ උතුරුමැද දකුණු නැගෙනහිර මධ්‍යම සබරගමු හා බටහිර ස්ථාන රැසක දී දස ලක්‍ෂ ගණන් බෞද්යන්ගේ වන්දනාවට පාත‍්‍ර වූ කපිල වස්තු ධාතු ප‍්‍රදර්ශනය බදාදා 12 උදේ ඓතිහාසික කැලණි රජමහා විහාරයෙන් අවසන් වෙයි. කැලණියට කපිලවස්තු ධාතු වැඩමට කැරවීම බුදුන් වහන්සේ තෙවරක්ම කැලණියට වැඩම කිරීම සිහිපත් කරන බවද බෞද්ධයෝ කියති. කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ හා මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ ඉල්ලීම අනුව මේ ධාතු ප‍්‍රදර්ශනය පැවැත්වේ.



අදහස් (0)

කැලණියට බුදුන් යළි වැඩම කළ වගයි

චමල් Tuesday, 11 September 2012 07:33 PM

ධාතූන් වදින සෑමතැනම එකම මුහුණු පෙනෙන්න තිබෙන්නේ ඇයි? (නි)

:       0       0

අනුරාධ Tuesday, 11 September 2012 07:38 PM

අති උතුම් සම්මා සම්බුදු ස්පර්ශයෙන් අපි උපන් දේශය යළිත් පවිත්‍ර උනා.. ඒ ශක්තියේ බලයෙන් දැනට තියෙන කරදර බාධක දුරුවී අපේ රටට සෞභාග්‍ය උදා වේවා..!!! සියලුම දෙනාට තෙරුවන් සරණයි..!!(නු)

:       0       0

අනුර Tuesday, 11 September 2012 07:47 PM

මර්වින් ඇමතිතුමානම් ආගමට දහමට ලැදි කෙනෙක් නේ.. නමුත් පුතානම් තාත්තගෙ නමත් කැත කරනවා.!(නු)

:       0       0

සුරංග Tuesday, 11 September 2012 07:43 PM

මාගේ ශාස්තෘ සම්‍යක් සම්බුද්ධ දසබලධාරීන්වන්සේගේ අති උතුම් ධාතුන් වහන්සේලා දැක ගැනීම ඉතාම සතුටක්..!!(නු)

:       0       0

හර්ෂණ Tuesday, 11 September 2012 08:18 PM

අබුද්ධස්ස කාලෙට මේ වගේ දේවල් වෙනවා..!!(නු)

:       0       0

රොහාන් Tuesday, 11 September 2012 09:27 PM

කවුරු කොහොම කිවුවත් මර්වින් සිල්වා විතරයි කොන්දක් තියෙන කෙනෙකුට ඉන්නේ. අද කැළණියේ ප්‍රශ්න නැහැනේ. (නි)

:       0       0

ප්‍රියන්ත - කඩවත Tuesday, 11 September 2012 09:34 PM

අපගෙ සිංහල ජනතාව ධාතු වඳින්න යා හැටි දැක්කම අපි ගැන ආඩම්බර හිතෙනවා. සිංහල අපිට කවදාවත් වරදින්නෙ නැහැ. සැමට තෙරුවන් සරණයි (ස)

:       0       0

රොහාන් Tuesday, 11 September 2012 09:41 PM

අපිත් වැන්දා අපේ බුදුන්... සාධු සාධු සාධු! (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 11 September 2012 09:50 PM

නමෝ බුද්ධාය ! ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලොව පහළ වීම දෙවු මිනිස් ලෝකයට මොන තරම් යහපතක්ද? ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උන්වහන්සේ ගේ අසිරිමත් ධාතුන් වහන්සේලාට වන්දනා කිරීමෙන් පවා දෙවු මිනිසුන්ට පින් රැස් කර ගන්න පුළුවන්. මේ පින්වන්ත මිනිසුන් රැස් කරන මේ පින සසර පුරාවට ඔවුනට හිත සුව පිණිස පවතිනවා නොඅනුමානයි. (නි)

:       0       0

රත්න Wednesday, 12 September 2012 11:58 AM

සියළු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගි වෙත්වා..සුවපත් වෙත්වා.. සාදු සාදු සාදු (ස)

:       0       0

සේනාධීර Tuesday, 11 September 2012 10:06 PM

මර්වින් කියන්නේ නියම සිංහල ලේ ඇති සැබෑ මිනිසෙක්. (නි)

:       0       0

ශාන්ත Tuesday, 11 September 2012 10:10 PM

ඔවු ඔවු. ඇත්ත තමයි. (නි)

:       0       0

සේනානායක Tuesday, 11 September 2012 10:34 PM

අනේ සාධු! (නි)

:       0       0

ගයා Tuesday, 11 September 2012 10:55 PM

නිහම රඟපෑම (ස)

:       0       0

මනෝහරන් Tuesday, 11 September 2012 11:19 PM

අනුරාධ, 1977දී ඕවා කැළණියට වැඩමෙවුවාට පස්සේ වුණ දේවල් මතක නැද්ද ඔයාට? (නි)

:       0       0

මධු Wednesday, 12 September 2012 01:25 AM

වැරදි කරපු අය ධාතූ වැන්දට පවු ගෙවෙන්නේ නැහැ. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 12 September 2012 01:27 AM

අතිගරැ ජනාධිපති තූමනි, මෙම ජන ගංගාව දකිද්දී ආගමට ලැදි පිරිස් සිටීම ඉතා අගය කළ යුතු දෙයක්. කපිලවස්තු ධාතුන් වහන්සේලා වැද පූදා ගැනීම 12 දින අවසන් කළත්, අවූරුදූ දිගු කාලයක් ගෙවෙන්නට ඉඩ නොදී නැවත වරක් නූදූරු දිනයකදී කපිලවස්තු ධාතුන් වහන්සේලා මේ දිවයිනට වැඩම කරවන්න. මේ අවස්ථාවේ වැද පූදා ගැනීමට නොහැකි වුණ පින්වතූන්ටත් ඒ වගේම එම ධාතුන් වහන්සේලා ප‍්‍රදර්ශනය නොකරපූ දිවයිනේ අනෙක් සියථම ප්‍රදේශ වලටත් වැඩම කරවා මීටත් වඩා දිගු කාලයක් ප‍්‍රදර්ශනය කරන ලෙස ඉල්ලීමක් කරමි. ඒ වගේම මෙවැනි අවස්ථා වලදී පමණක් සත්ව බිලි පූජාවන් තාවකාලිකව නතර නොකර එය සම්මත කරගත් නීති රාමූවක් තූලින් ස්ථීරවම තහනම් කරන්න. හැම දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා! (නි)

:       0       0

රොහාන් Wednesday, 12 September 2012 01:33 AM

මෙයාලටනම් දෙවියන්ගේ හාල් කැවිලද කොහෙද (ස)

:       0       0

චමල් Wednesday, 12 September 2012 03:11 AM

ඇයි එකම කෙනා විසින්ම සර්වඥ ධාතු වැඩමවන්නේ? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

හේමන්ත Wednesday, 12 September 2012 01:52 PM

පන්සිල් රකිනවා නම් කොහොමද මැරවරයින් වෙන්නේ? (නි)

:       0       0

ජෙයම් Wednesday, 12 September 2012 07:19 AM

‘පන්සිල් රකිති මැරවරයෝ...මේ කේතුමතී නුවරයි...♫♪ ‘ යන නන්දාමාලනීගේ ගීතය අපට මෙම අවස්ථාවේ සිහියට නැඟෙ.

:       0       0

රොහාන් Wednesday, 12 September 2012 08:45 PM

ලුම්බිණි, ඔයා මොන ආගමේ වුණත් කිසිම ආගමකට නිගරු කරන්න එපා. (නි)

:       0       0

සම්පත් Wednesday, 12 September 2012 08:48 AM

තේ හදනවා තේ බෙදනවා...........රෝසා.. (ස)

:       0       0

එරංද Wednesday, 12 September 2012 08:54 AM

බුදුසරණයි !!!!!!!! (ස)

:       0       0

අරුණ Wednesday, 12 September 2012 09:26 PM

ජීව මාන බුදුන් වැඩියා වගේ

:       0       0

ලුම්බිණි Wednesday, 12 September 2012 09:10 AM

අනේ මෙහෙම විකාරයක්! (ස)

:       0       0

ජනක Wednesday, 12 September 2012 09:15 AM

ගොඩක් දෙනෙක් ධාතු වදින්න ආවා ඒත් සැබෑවටම භක්තියෙන් ආවෙ කීයෙන් කී දෙනාද වැඩිදෙනෙක් ආවෙ සෝබනේට "හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්" කියන කතාව බොහොමයක් දෙනා පෝලිමේ ඉන්නකොටම ප්‍රදර්ශනය කලා. (ස)

:       0       0

වන්නි ටී.එන්.එස්. Tuesday, 11 September 2012 07:28 PM

සාදු සාදු...!!(නු)

:       0       0

අචිනි Wednesday, 12 September 2012 09:55 AM

චමල්, ජෙයාම්, මමත් ඔබගේ අදහසට එකගයි. (නි)

:       0       0

නයනා Tuesday, 11 September 2012 07:31 PM

මර්වින් සිල්වා ඇමතිතුමාද කරඩුව තැන්පත් කරන්නෙ..!(නු)

:       0       0

කුලාන් Wednesday, 12 September 2012 10:04 AM

සාදු !!!සාදු !!!සාදු !!! (ස)

:       0       0

නිශාන් Wednesday, 12 September 2012 09:59 AM

පන්සිල් රකිති ......(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site