IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘කැලණියට පැරෂුට්කාරයන් එපා‘

‘කැලණිය කොලණියක් කරන්න එපා. අපට පන්සල්, පල්ලි, කෝවිල්, පාසැල්, පාරවල් අලුතින් අවශ්‍ය නැහැ. මේ තිබෙන දේ හොඳටම ඇති. ඒක අපි දියුණු කරගන්නම්. මේ කැලණිය විනාශ කරන්න පැරෂුට්කාරයන් එපා. මේ කැලණිය දියුණු කරන්න අපේ දහම් පාසලක දරුවෙකු වඩාත් සුදුසුයැ‘යි වෙඩි වැදී ඝාතනය වූ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ අවමගුල් උළෙලේදී අනුශාසනාවක් පවත්වමින් කැලණිය වරාගොඩ බෝධිකරුක්ඛාරාමාධිකාරී රන්කරව්වේ පේමානන්ද හිමියෝ පැවසූහ.

අද පෙරවරු 10.30ට කැලණිය වරාගොඩ මඩවල මහතාගේ නිවසේදී එම අවමංගල්‍යය උත්සවය පැවැත්විණි.

මේ වන විට ඒ මහතාගේ දේහය නිවසේ සිට කැලණිය ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත රැගෙන යමින් තිබෙන අතර පස්වරු 1.00 සිට 2.00 දක්වා එහිදී මන්ත්‍රීවරුන් විසින් ගෞරව දැක්වීම සිදුකැරේ. ඉන් අනතුරුව පිලපිටිය පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් එහිදී භූමදානය කිරීමට නියමිතය.

සබැඳි පුවත්

මර්වින්ගේ ලේකම්ලා දෙන්නෙක් සැකපිට

පැන ගිය යතුරු පැදියත් සොයා ගනී

ප‍්‍රා.මන්ත‍්‍රී ඝාතනයේ පහක් අල්ලයි

කැලණිය/පෑලියගොඩ ප්‍රා මන්ත්‍රීවරු ආරක්ෂාව ඉල්ලති

‘කැලණියෙන් ජනපතිට ඉල්ලීමක්‘

‘වසරක පටන් මැර තර්ජන තිබුණා‘

ප්‍රා මන්ත්‍රී ඝාතන පිරික්සුම රහස් පොලීසියට

ප්‍රා. සභා මන්ත්‍රී මරා දමයි

ඝාතකයන් අල්ලන්නැයි කැලණියේ උද්ඝෝෂණ

 කැලණි ප්‍රා. මන්ත්‍රිට වෙඩි



අදහස් (0)

‘කැලණියට පැරෂුට්කාරයන් එපා‘

නදිනි Wednesday, 09 January 2013 04:19 PM

දේශපාලනයටත් පැරෂුට් කාරයෝ එපා (දී)

:       0       0

ජනක Wednesday, 09 January 2013 12:34 PM

හාමුදුරුවන්ගේ අනුශාසනාව පිළිගැනීම ඉතාම හොදයි. (නි)

:       0       0

වරුණ Wednesday, 09 January 2013 12:36 PM

කොහේ බැලුවත් දැන් ඉන්නේ පැරිෂුට්කාරයෝ තමයි. (නි)

:       0       0

ජනක Wednesday, 09 January 2013 12:56 PM

ගමේ නියෝජිතයින් ගමෙන්ම පත්කරගන්න එක තමයි හොදම. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 09 January 2013 01:01 PM

කතාව ඇත්ත. කොහේටවත් එපා. (නි)

:       0       0

සමන් Thursday, 10 January 2013 03:07 AM

මේවා බීරි අලීන්ට වීණා වයනවා වගෙයි (ස)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 09 January 2013 01:11 PM

කැළණියට විතරක් නෙමෙයි අපේ හාමුදුරුවනේ, මුලු ලංකාවටම එපා. (නි)

:       0       0

සරත් Wednesday, 09 January 2013 01:13 PM

ඇත්තම ඇත්ත හාමුදුරුවනේ. (නි)

:       0       0

ශානි Thursday, 10 January 2013 03:28 AM

මට වෙලාවකට හිනා ඇත්තට (දී)

:       0       0

මාලි Thursday, 10 January 2013 03:25 AM

මොකද වෙන්නේ ගමෙන් බිහිවූ කෙනෙක් දැම්මා නම (දී)

:       0       0

ශාන්ත Wednesday, 09 January 2013 01:16 PM

දේහය භූමිදාන කළාට පස්සේ හැමෝටම හැමදේම අමතක වේවි. (නි)

:       0       0

බන්දුල Wednesday, 09 January 2013 04:36 PM

දේශ පාලනය කියන්නේ මහා පුදුම දෙයක් , කතා නොකර ඉන්න තරමට හොදයි (දී)

:       0       0

ශාන්ති Wednesday, 09 January 2013 01:28 PM

දැන්වත් අපේ රටේ පරණ විදියට ඡන්දය තියලා අපිට ඕනෑ විදියට ගමේ කෙනෙක් පත්කරගන්න ඉඩදුන්නොත් හොදයි. (නි)

:       0       0

සුනිල් Wednesday, 09 January 2013 08:06 PM

කවුද ඒ පැරෂුට් කාරයා කැලණියේ ඉන්න (දී)

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 09 January 2013 01:28 PM

ඉස්සර කාලේ දේශපාලනය කරන්න තුවක්කු පතරොම් අවශ්‍ය වුණේ නැහැ. ඒ කාලේ හිටපු ඇන්.ඇම්. කොල්වින් පිලිප් වැනි නායකයින්ගේ කටවල් වලට ඔය හැම තුවක්කු ටිකම පරාදයි. එවැනි නායකයෝ නැතිවීමත් අපේ අවාසනාවක් ! දැන් ඉන්න අය තුවක්කු නැතිව දේශපාලනය කරන්න දන්නේ නැද්ද? හාමුදුරුවෝ කිව්වා වාගේ පැරෂූට් කාරයින් එළවිය යුතුයි හැබැයි ඉතිං හොඳ පැරෂුට් කාරයොත් ඉන්නවා. වැරැද්ද තියෙන්නේ පැරෂූට් එකේ නොව ඒකෙන් ඇවිත් බහින කෙනාගේය. (නි)

:       0       0

අයිවන් Wednesday, 09 January 2013 01:41 PM

කැළණිය උතුම් පුදබිමට සාමය උදාවේවා! (නි)

:       0       0

සුනෙත් Wednesday, 09 January 2013 01:38 PM

මම කැලණියේ නොවුනත් මම ඒ කතාව පිලි ගන්නවා (දී)

:       0       0

පුශ්ප Wednesday, 09 January 2013 04:42 PM

නියම කතාව

:       0       0

ධම්ම Wednesday, 09 January 2013 01:48 PM

රුහණු මාගම සහ කැලණිය අතීත සම්බන්ධකම් ගැන සිතා පැරෂුට්කාරයෝ එවනවා ඇති. (නි)

:       0       0

නන්දලාල් Wednesday, 09 January 2013 04:48 PM

එක ඇත්ත....එක ඇත්ත.... (දී)

:       0       0

සෑම් Wednesday, 09 January 2013 02:29 PM

ලම්බෝගිනියෙන්, ට්රේල් බයික් එකෙන් අවොත් කමක් නැහැ නේද? (නි)

:       0       0

සමන් Wednesday, 09 January 2013 02:36 PM

මිනිස්සුන්ට ඕන විදිහට ජනතා නිදහස පාලනය කරන්න බැහැ (දී)

:       0       0

සුගත් Wednesday, 09 January 2013 02:36 PM

මමත් ඒ ඉල්ලිම නම් පිලි ගන්නවා (දී)

:       0       0

මධුශ Wednesday, 09 January 2013 05:08 PM

නියම නම පැරෂුට් කාරයා

:       0       0

මාන්නප්පෙරුම Wednesday, 09 January 2013 05:04 PM

ගමේ වැඩ දන්නේ ගමේ මිනිෂා, ඒ නිසා පැරෂුට් කාරයෝ එපා (දී)

:       0       0

බන්දුල Wednesday, 09 January 2013 09:34 PM

නියම නම පැරෂුට් කාරයා (දී)

:       0       0

රාජු Wednesday, 09 January 2013 03:21 PM

පැරෂුට් කාරයා කියුවේ පිටින් ආපු එක්කෙනා කියන අර්ථය

:       0       0

ශාලිකා Wednesday, 09 January 2013 05:34 PM

මමත් කියනවා

:       0       0

නිමල් Wednesday, 09 January 2013 03:44 PM

දැන්වත් අතීතයේ පාඩම් නිවැරදිව වටහාගෙන කටයුතු කිරීමයි වැදගත්. ඒකට අවශ්‍ය නිවැරදි දැක්මක් තමයි අපිට අවශ්‍ය. (නි)

:       0       0

සිල්වා Wednesday, 09 January 2013 05:51 PM

මමත් කැලණියේ මමත් ඒ කතාව 100 % පිලි ගන්නවා

:       0       0

ජිනා Wednesday, 09 January 2013 10:46 PM

අපේ කැළණි පුදබිම වනසන නුගත්, අමන, දීන, අශෝබන, මිනීමරු, පාපකාරී, සියල්ලෝම ලංකාවෙන්ම අතුගා දැමිය යුතුය. (නි)

:       0       0

පෙරේරා Wednesday, 09 January 2013 03:51 PM

නියම ඉල්ලීමක්

:       0       0

සරත් Wednesday, 09 January 2013 03:53 PM

ඇත්තට කවුද පැරෂුට් කාරයා (දී)

:       0       0

සාගර Wednesday, 09 January 2013 06:13 PM

පැරෂුට් කාරයා කියුවේ කාටද

:       0       0

සදුනි Wednesday, 09 January 2013 06:35 PM

ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම සාධාරණයි (දී)

:       0       0

වසන්ත Thursday, 10 January 2013 12:31 AM

අපේ මිනිස්සු හරිම අවස්ථාවාදීයි. ඒකයි අපේ රට ගොඩනගන්න තවමත් බැරි (ස)

:       0       0

ලහිරු Thursday, 10 January 2013 12:44 AM

අපේ අයට ඔය සිද්ධිය දවස් හතක් මතක තියෙයි. බොරුද මම අහන්නේ? (නි)

:       0       0

විජය Wednesday, 09 January 2013 04:04 PM

අයියෝ පැරෂුට්කාරයා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site