නිව් කොලිටි හයිපර් මාර්කට් සභාපති ෂෙයික් ජාසිම් තාමීර් ඉසා තාමීර් අල් තානි, කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සම්සුදීන් ඔලාකාර සහ සම්භාවනීය අමුත්තන් විසින් නව ශාඛාව විවෘත කළ අයුරු.
කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගමේ නව ශාඛාවක් පසුගියදා “නිව් කොලිටි හයිපර්මාර්කට්” නමින් අල් රයියාන් හිදී විවෘත විය. කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සම්සුදීන් ඔලාකාර සහ නිව් කොලිටි හයිපර්මාර්කට් සභාපති ෂෙයික් ජාසිම් තාමීර් ඉසා තාමීර් අල් තානි මහත්වරුන් අතින් නව ශාඛාව විවෘත විය.
කෙන්යාවේ කටාර් තානාපති ගැල්මා මුකේ බොරු, යූඑස් කොමර්ෂියල් සර්විස් හි වාණිජ විශේෂඥ අනීසා ලාහ්රෙචේ, පිලිපීන තානාපති කාර්යාලයේ සංස්කෘති නිලධාරී ජෝන් ඩැනිලෝ ජී ජිආවො, අල් අහිල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සලේහ් මුරාඞ්, කාලීජ් වානිජ බැංකුවේ කළමනාකරු කාලීඞ් ඒ රහ්මන් අල් කූහේජි, යුනිකායි-යූඒඊ ප්‍රධාන විධායක නිලධාරී නීරාජ් වොහ්රා, මොහොමඞ් හමාඞ් මුබාරක් අල් කාලීෆා, රෂීඞ් අල් අත්බා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ම මෙම අස්ථාවට සහභාගි වූහ.
වර්ග අඩි 85,000 ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති නව සුපිරි වෙළෙඳ සංකීර්ණය ඔසු සල්, ප්‍රමුඛ පෙළේ බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර, ආහාර සහ සිල්ලර ද්‍රව්‍ය අළෙව කරන සුපිරි වෙළෙඳ සංකීර්ණයකින් සමන්විත වෙයි.
එහි දෙවැනි මහල ආහාර නොවන ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ලී බඩු සහ ගේදොර උපකරණ, තෑගි භාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ සඳහා මෙන්ම ජංගම දුරකථන, අත් ඔරලෝසු සහ ස්වර්ණාභරණ සඳහා වෙන්ව ඇත.
දෙවැනි මහළ වෙන්ව ඇත්තේ විදුලි, ඉලෙක්ට්‍රොනික්, තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික, ඇඳුම් පැළැඳුම්, පාවහන සඳහා වෙන්ව ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කොලිටි ගෲප් නව ශාඛාවක් අල් රයියාන් හිදී