IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


කාල්ටන් කී‍්‍රඩා සමාජය සත් සාමාජික රග්බි ශූරතාව දිනයි

‘ඒෂියන් ෆිනෑන්ස් කුසලාන’ විවෘත ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කාල්ටන් කී‍්‍රඩා සමාජය සමත්විය. අවසන් මහා තරගයේදී හැව්ලොක්ස් බබරාස් පිල ලකුණු 19-14 කින් පරාජය කිරීමට කාල්ටන් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ සමත්වුහ. ජයග‍්‍රාහී කාල්ටන් පිල ගෝල දෙකක් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගත් අතර බබරාස් පිල ගෝල දෙකකින් ලකුණු ලබා ගත්තේය. ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට කී‍්‍රඩා සමාජ 24 කින් කණ්ඩායම් සහභාගිවුහ. කුසලාන, පළඟ, බදුන සහ පළිහ යන කාණ්ඩ තුනකින් සමන්විත විය. මෑතකදී රග්බි පිටියෙන් සමුගත් හිටපු ශ්‍රී ලංකා නායක සංජීව ජයසිංහ සයන්ස් මෙරූන්ස් පිල නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගිවිය. බස්නාහිර පළාත් රග්බි සංගමය සංවිධායනය කළ මෙම තරගාවලියට ඒෂියන් ෆිනෑන්ස් සමාගම අනුග‍්‍රහය දැක්වීය. සෙසු තරග ප‍්‍රතිඵල: පළඟ ශූරතාව: ජාවත්ත ලයන්ස් පිල විසින් ආදී කන්නන්ගර පිල පරාජය කරන ලදී. (ලකුණු 12/7) බඳුන ශූරතාව: ආදී මොරටුව ක‍්‍රීඩා සමාජය විසින් ආදී වෙස්ලි ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (ලකුණු 17/12) පළිහ ශූරතාව: ආදී මුදලියන්ස් පිල විසින් බ්ලැක් හෝක් පිල පරාජය කරන ලදී. (ලකුණු 11/12)  



අදහස් (0)

කාල්ටන් කී‍්‍රඩා සමාජය සත් සාමාජික රග්බි ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site