(ඉන්දිකා රාමනායක)
අධික වැසි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන වනවිට පුද්ගලයින් හය දෙනකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මින් දෙදෙනකු ගස් කඩා වැටීමෙන් ද සෙසු තිදෙනා ධීවර කටයුතු සඳහා ගොස් සිටියදී සහ එක් අයකු පස් කන්දකට යටවීමෙන් ද මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ දී ගසක් ලොරි රථයක් මතට කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා ඇති අතර මඩොල්සීම ප‍්‍රදේශයේ දී යතුරු පැදියක් සහ ති‍්‍රරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇත. බණ්ඩාරවෙල කොහිලබොක්ක ප්‍රදේශයේ දී පස් කන්දකට යටවීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇත.
අම්බලන්ගොඩ, දොඩංදුව, අකුරල යන මුහුදු තීර වෙත ධීවරයින් තිදෙනකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබියදී සොයා ගෙන ඇත.
හික්කඩුවෙන් මුහුදු ගිය තවත් ධීවරයකු අතුරුදන්ව ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කාලගුණ විපතින් හයක් මරුට
sampath Thursday, 30 November 2017 08:35 AM
සොබාදහමත් කෝප වෙනවා මෙහෙම සත්තු මරනවා , අධම වැඩ කරනවා.
Perakum Thursday, 30 November 2017 11:55 AM
පාලකයින් අධාර්මික වන විට සොබා දහම කෝපවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.