ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන නායක මයිකල් ක්ලාක්, ඬේවිඞ් වෝනර් සහ මැතිව් වේඞ් යන ප‍්‍රබල ක‍්‍රීඩකයෝ ශ‍්‍රී ලංකාවට එරෙහිව බි‍්‍රස්බේන්හිදී සහ සිඞ්නිහිදී පැවැත්වෙන තෙවැනි සහ සිව්වැනි එක්දින තරගය වෙනුවෙන් කැඳවා තිබේ. තුන් ඉරියව් ක‍්‍රීඩක මොසීස් හෙන්ද්‍රික්ස් වසර තුනකට පසුව සංචිතයට ඇතුළත්ව සිටියි.
ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් තේරීම් කමිටුව 2015 වසරේ ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්කය කරමින් තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම සඳහා ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයන් විවේක ගැන්වීය.
පළමු එක්දින තරග දෙකට සහභාගි වූ අරෝන් ෆින්ච්, උස්මාන් කවාජා, ස්ටීව් ස්මිත්, බෙන් කටින් සහ කේන් රිචට්සන් යන ක‍්‍රීඩකයන් සංචිතයෙන් ඉවත්කර ඇති අතර දෙවැනි එක්දින තරගයේදී ආබාධයට ලක්වූ බ‍්‍රැඞ් හැඩින් ද සංචිතයට ඇතුළත්ව නැත.
ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතය:
මයිකල් ක්ලාක් (නායක), ඬේවිඞ් වෝනර්, පිලිප් හියුස්, ජෝජ් බේලි, ඬේවිඞ් හසී, මැතිව් වේඞ්, ග්ලේන් මැක්ස්වෙල්, මොසීස් හෙන්ද්‍රික්ස්, මිචෙල් ජොන්සන්, මිචෙල් ස්ටාක්, ක්ලින්ට් මැකේ සහ ෂේවියර් ඩොහර්ටි
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ක්ලාක් - වෝනර් - වේඞ් එක්දින සංචිතයට කැඳවති
නලින් Tuesday, 15 January 2013 11:06 AM
කොච්චර දක්ෂ උනත් අපේ කොල්ලෝ පරද්දන්න බැහැ . (දී)
නලින් Tuesday, 15 January 2013 11:09 AM
මෙයාලා තරග දෙකකට අලුත් අයව දාලා මොකද වෙන්නේ කියලා බැලුවා.. හිතුවට වඩා වැඩේ අමාරැයි.. පළමුවෙන් එකත් අර දුවද්දි දැවීයාම් තුන නැත්නම් තරගය දින්නන්න තිබුණා.. දැං බය වෙලා..!(නු)
දනුක Tuesday, 15 January 2013 11:30 AM
කොහෝ උනත් අපි තමයි දිනන්නේ (දී)
මනෝජ් Tuesday, 15 January 2013 04:32 PM
පැරදුණත් කමක් නැහැ, හොද තරගයක් දෙමු නේද? (නි)
තත්සරණි Tuesday, 15 January 2013 04:39 PM
කොහොමත් ඕස්ට්‍රේලියාව අපිට බයයි. (නි)
චානක Tuesday, 15 January 2013 07:54 AM
ශේන් වොට්සනුත් ඉන්නම ඕනෑ. (නි)
කල්ප Tuesday, 15 January 2013 07:55 AM
කැත වැඩ කරන්න එපා (ස)
චමින්ද Monday, 14 January 2013 04:41 PM
ලංකාවේ කොල්ලෝ බය නැහැ කාටවත් (දී)
සිල්වා Monday, 14 January 2013 04:50 PM
ජයවේවා ලංකා (දී)
රමිල Tuesday, 15 January 2013 08:59 AM
ඔන්න එක මැච් එකක් පැරදුනු ගමන් කට්ටිය බයවෙලා (ස)
ගමගේ Tuesday, 15 January 2013 05:57 PM
ඕස්ට්‍රේලියාව බයවෙලාලු. හිහ් හිහ්... එහෙමවත් කියලා අපි හිත හදාගමු. (නි)
මැක්ස් Tuesday, 15 January 2013 09:05 AM
ඒක ඇත්ත .... කැත වැඩ කරන්න එපා ... බය උනාද ? (ස)
පූජිත Tuesday, 15 January 2013 02:24 PM
ඒක ඇත්ත (ස)
තත්සරණි Wednesday, 16 January 2013 08:52 PM
කොහොමත් කැන්ගරුවන් සිංහයින්ට බයයිනේ. (නි)
තත්සරණි Wednesday, 16 January 2013 08:56 PM
ජය නියතයි ශ්‍රී ලංකා! අපි දිනනවාමයි. (නි)
තිසර Tuesday, 15 January 2013 10:28 AM
දැන් තමයි දිනන්න වෙලාව (ස)