(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ණය නොගෙවූ දේපළ පවරා ගැනීම පිළිබඳ පරාටේ නීතිය යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ අත්පත්කර ගැනීම් සහ වෙන්දේසි කිරීම් හාරසියයක් මේ වසරේ පළමු මාස හතරේදී සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
මෙය කනගාටුදායක තත්වයක් බව පැවසූ විපක්ෂනායකවරයා මේ පරාටේ නීතිය රටේ ආර්ථික තත්වය ගැන සිතා තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.
එම නීතිය යුගයට සරිලන පරිදි වෙනස් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
ඉහළ බැංකු පොළිය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි පීඩනයට පත්ව සිටින බවත් ඒ ව්‍යාපාරිකයන්ගේ ණය යම් මට්ටමකට කපා හැරීමට යෝජනා කරන බවත් විපක්ෂනායකවරයා කීවේය.
ලීසිං කොම්පැණිකරුවන් අනීතිකව වාහන ඉස්සිම වැඩිවී ඇතැයිද මෙය අශෝභන වාහන මංකොල්ලයක් යැයිද ඔහු පෙන්වා දුන්නේය.
ආයෝජන ව්‍යාපෘති සඳහා යෑමට බාධාවක්වී ඇති ලක්ෂ පහේ සීමාව ලක්ෂයක් දක්වා අඩු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ආනයන සීමා හේතුවෙන් කර්මාන්ත කඩා වැටෙමින් පවතින බවද ප්‍රකාශ කළේය.
අමු ද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ඇඟලුම් ඇණවුම් කලට වේලාවට සපුරා දීමට නොහැකිවී ඇති බවත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1011
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කර්මාන්තකරුවන්ගේ දේපළ හාරසියයක් වෙන්දේසි කරලා
fairoos Wednesday, 07 June 2023 02:15 PM
අදහස නම් හොඳයි... ඒත් මේ කාලකණ්ණි ආණ්ඩුවෙන් කිසිම වැඩක් නැහැ.
කෝරළගේ Wednesday, 07 June 2023 03:57 PM
ඔබතුමාගේ කතාව සහතික ඇත්ත. මේ දුර්දාන්ත තක්කඩි ආණ්ඩුව ගෙදර එලවන දවස වෙනකොට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඔක්කෝම වැහිලා දසලක්ෂ ගණන් රස්සාවන් නැතිවෙලා කර්මාන්තකරුවන් වහබොන තත්ත්වයට පත්වෙලා තියෙයි.