IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කේරළයේ බෝම්බ පිපිරේ

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, කලමසේරි පළාතේ, සම්මේලන මධ්‍යස්ථානයක, ක්‍රිස්තියානි නිකායක ආශිර්වාද දේව මෙහෙයක් සහ ආගමික සම්මන්ත්‍රණයක් පැවැත්වෙමින් තිබියදී, පිපිරීම් මාලාවක් සිදුවිය.

එය බෝම්බ පිපිරීම් තුනක් යැයි පොලිසිය පසුව පැවැසීය.

සම්මන්ත්‍රණයට පැමිණ සිටි එක් කාන්තාවක් පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය. තුවාල ලැබූ ගණන 45 කි.

පිපිරීම සිදුවන අවස්ථාවේදී, සම්මන්ත්‍රණ ශාලාවේ සිටි පිරිස 2,000 කට වැඩි යැයි පැවැසෙයි.

බෝම්බ අටවා පිපිරීම කළේ 48 හැවිරිදි ඩොමිනික් මාටින් නමැත්තා යැයි පොලිසිය පවසයි. පිපිරීමෙන් පසු ඔහු පොලිසියට බාර වී ඇත.

ඩොමිනික් මාටින් ද එම ආශිර්වාද දේව මෙහෙය සහ ආගමික සම්මන්ත්‍රණය පැවැත් වූ නිකායේ අනුගාමිකයකු බව ද තහවුරු වී තිබේ.

කේරළයේ සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් පසු නවදිල්ලියේ ද ආරක්ෂාව තර කිරීමට දිල්ලි බලධාරීන් පියවර ගෙන ඇතැයි ඉන්යදී මාධ්‍ය වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

කේරළයේ බෝම්බ පිපිරේ

නිහාල් Sunday, 29 October 2023 09:09 PM

එහෙත් ඡන්දයක් ඇති

:       0       1

Chinthaka Sunday, 29 October 2023 11:55 PM

මේවා මොදිගේ හින්දු අන්තවාදීන් ,ක්‍රිස්තියානි ආගමට විරුද්ධව කරන වැඩ.දැන් මාද කිහිපයකට උඩදී ක්‍රිස්තියානි පල්ලි 200 ක් ගිනිබත් කළා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site