(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට තෙප්පනාව කළුදෙණිය පාලම ආසන්න මැණික් ඉල්ලම් ගෙන අවසන් කළ පතලක් වැසීමට යාමේ දී අද (2) සවස එහි ඉවුරු කඩා වැටී පුද්ගලයන් දෙදෙනෙකු ඊට යටවී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇති දෙදෙනා 56 හා 71 වයස්වල පසුවන්නෝ වෙති. තෙප්පනාවේ සිට මුදුන්කොටුව දක්වා යන අතුරු මාර්ගයේ කඩා වැටුණු මැණික් පතල පිහිටා ඇති බව ද මියගිය ලයනල් කරුණාතිලක මහතා (56) එහි බලපත‍්‍රකරු වන බවද පොලිසිය කියයි.
ඉවුර කඩාවැටීමෙන් පසු යටවූ දෙදෙනා අවට සිටි පිරිස් විසින් වහාම ගොඩට ගෙන තෙප්පනාව රෝහල ඇතුළත් කරනු ලැබුව ද ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කුරුවිට පතලක් කඩා වැටී දෙදෙනෙක් මියයති
Pushpa Monday, 03 April 2017 01:11 AM
ලංකාවේ ප්‍රවේසම පිලිබඳ නීති රීති අනිත් ඉදිරියට යන රටවල් සමග සංසන්දනයේදී ඉතා දුර්වල තත්වයේ පවතී. ඕනෑම කෙනෙක්ට, වලකා ගැනීමට තිබු මාරාන්තික වැඩක් කොට ඉන් පලා යාම පහසුය. ඕනෑම වැඩක් සමග අවදානමක් පවතී. බුදු වදනට අනුව හෝ බටහිර විද්‍යාවට අනුව ඕනෑම වැඩකින් ප්‍රතිපල ඇතිවේ. ඕනෑම පුද්ගලයෙකු වැඩක් කිරීමට පෙර ප්‍රතිපල ගැන සිතිය යුතුය. වෙනත් රටවල තමන්ගේ හෝ අනුන්ගේ ප්‍රවේසම සම්බන්ද ප්‍රතිපලවලට අපරාධ නිතිය තදින් ක්‍රියාත්මක වෙයි. දියුණු රටක නම් මෙම සිද්දියේදී වැරැද්ද කාගේ වූවත් ඉහල නිලධාරින් සහ යන්ත්‍ර සුත්‍ර අයිතිකරුවන් විශාල ප්‍රමාණයකට නිතිය ඉදිරියේ කරුණු දැක්වීමට සිදුවේ. මෙවැනි බරපතල වැඩක් හරියට කරන්නේ කෙසේදැයි මිනිස්සු දැනුවත් කිරීමට කර ඇති දේවල් සහ අනුමත ක්‍රමවේදයන් අදාළ ආයතනවල ඉහල නිලධාරීන්ගෙන් විමසයි. යන්ත්‍ර ක්‍රියාකරුගේ සුදුසුකම් සහ හැකියාව අදාළ සමාගම් අයිතිකරුවන් ඉදිරිපත් කල යුතුය. මේ හැම දෙයකටම මුල ලංකාවේ උගතුන් තුල පවතින නොදැනුවත්කම සහ එය පිළිගන්නට මැලි වීමයි. එවිට සමාජය ඉබේම නොදැනුවත් වෙයි.
kalpa Monday, 03 April 2017 03:21 AM
මේ මිනිස්සු පතල් කපල ජීවිතය ගෙනයාමට අමතරව රටට විදේශ විනිමයත් උපයල දෙනවා එනිසා මෙයින් අනාතවෙන පවුල්වල අයට රැකවරණ ක්‍රමයක් ඇතිකලොත් හොඳයි