දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනීමට පවත්වන කොරියා ප්‍රවීණතා විභාගය මේ වසරේ සිට නොපවත්වන බවත් එය ඔන්ලයින් ක්‍රමයට පවත්වන බවත් කොරියා මානව සම්පත් සංවර්ධන ආයතනයේ මෙරට අධ්‍යක්ෂ චෙංග්හෝ ජින් සඳහන් කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කරයි.
අන්තර්ජාලය හරහා පවත්වන විභාගයේදී ලකුණු ලබාදීමේ ක්‍රමයද වෙනස්වී තිබේ. ඒ අනුව භාෂා හැකියාව පිළිබඳ පරීක්ෂණය ඔන්ලයින් ක්‍රමය යටතේ පවත්වන අතර ඊට අමතරව හැකියා පරීක්ෂණයක්ද සිදු කරයි. අපේක්ෂකයන් ස්ථානීය ලකුණු ක්‍රමය යටතේ තෝරාගැනීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.