(ජේ.කේ.එල් චාමින්ද සහ සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳෙවියකුට හා හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) තහවුරු වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.
මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ එම රැඳෙවියාගේ ශරීරයේ තිබූ තුවාල නිසා ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (22) රාත්‍රී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මොහු 60 හැවිරිදි වුඩ්ලන්ඩ්වත්ත ගොනාපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙකී රැඳෙවියා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
මේ අතර හෘද රෝගයකින් පෙළුණු කාන්තාවක් ඊයේ (22) කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එම කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන අලුත්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙම කාන්තාව මියයාමෙන් පසු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙකී කාන්තාවටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව දිසා අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (23) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කරාපිටිය ශික්ෂණ රෝහලේ මියගිය 2කට කොරෝනා