IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් අතරට ශ්‍රී ලංකාවත්

කොරෝනා වයිරසය හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් ගොන්නට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට අයත් නොවන රටවල් කිහිපයක ලැයිස්තුවක් බ්‍රිතාන්‍ය පසුගිය සතියේදී ප්‍රසිද්ධියට පත්කළ අතර ශ්‍රී ලංකාව ඊටද ඇතුළත් නොවීය. ඒ අනුව නිදහස් කරන ලද රටවල සිට බ්‍රිතාන්‍යට පැමිණෙන සංචාරකයන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යටත් නොවන බව බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ කාර්යාලය සඳහන් කළේය.
බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ කාර්යාලය ඉකුත්දා (4) යාවත්කාලීන කිරීම් කළ අතර ගෝලීය සංචාරක උපදෙස් මාලාවක් ද නිකුත් කළේය.

බ්‍රිතාන්‍ය වැසියන්ට සංචාරයට සුදුසු සෞඛ්‍ය අවදානමක් නොමැති රටවල් ලැයිස්තුවක් එම කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි.

යුරෝපයේ, ඇමෙරිකානු කලාපයේ, ආසියා ශාන්තිකර කලාපයේ, අප්‍රිකානු සහ ඇන්ටාක්ටිකා කලාපයේ රටවල් ඊට අයත් විය. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, සිංගප්පූරුව, ප්‍රංශය , ග්‍රීසිය, ඉතාලිය සහ ජර්මනිය යන රටවල් බ්‍රිතාන්‍ය වැසියන්ට සංචාරයට ආරක්ෂිත රටවල් ගොන්නට ඇතුළත්ව ඇත.

(055)



අදහස් (11)

කොරෝනා හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් අතරට ශ්‍රී ලංකාවත්

sharm warn Tuesday, 07 July 2020 08:56 AM

බ්‍රිතාන්‍යයේ කුහකකම පෙන්වන්න මීටවඩා දර්ශකයක් ඕනෑද? එක කාලයක් මේ රට දෙකට කඩන්න උපරිමයෙන් නැටුවා. දැන් තොග ගණනේ කෝවිඩ් රෝගීන් මියයන රටවල් ආරක්ෂිත රටවල් කියලා නම්කරනවා. අනේ ගිහිල්ලා මැරෙන්න. අපි බලාගෙන ඉන්නම්... අපේ මෝඩ පාලකයෝ තවමත් ඉංග්‍රීසීන්ට වැඳපුදාගෙන ඉන්න එක කවදාවත් නවතයිද?

:       0       40

ඉන්දික Tuesday, 07 July 2020 09:13 AM

කොහොමත් බ්‍රිතාන්‍ය තවම අනාරක්ෂිත රටක් බැවින් එරට සංචාරකයින් මෙරටට පැමිණීම අවශ්‍ය නොවේ...

:       0       34

sunil Wijeratne Tuesday, 07 July 2020 09:17 AM

අපේ වීරයන්ට ස්තූති වේවා..!!! ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළා.

:       0       33

Dewa Tuesday, 07 July 2020 09:51 AM

මම දැක්කා නුවර-කොළඹ, කෑගල්ල- කොළඹ පුද්ගලික බස්වල අර පරණ විදිහටම සෙනඟ... පටවලා.. මේවත් බලන්න ඕනේ. සමහරුන් මාස්ක් දාලත් නැහැ. එහෙම වුණොත් ඔක්කොම ආයෙත් අනතුරේ...

:       0       34

thilak Tuesday, 07 July 2020 09:52 AM

ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ඔය සමහරක් ආරක්‍ෂිත යයි කියන රටවලට වඩා බොහෝ සෙයින් අඩුයි. මෙයින් පෙන්නුම් ක‍රන්නේ තවමත් ඔවුන් අපට සලකන්නේ තුන්වෙනි ලෝකයේ නොදියුණු රටක් හැටියට බවයි.

:       0       43

DonUK Tuesday, 07 July 2020 10:42 AM

මේහෙම කරන්නෙ බ්‍රිතාන්‍ය රජය ලංකාව අපහසුතාවයට පත්කිරීමට සහ තියෙන කුහක කමට. ශ්‍රි ලංකාවත් බ්‍රිතාන්‍ය සංචාරකයන්ට තහනම් කරන්න තියෙන්නෙ, ජපානය කරාවගේ.

:       0       40

sena Tuesday, 07 July 2020 11:31 AM

ඕකෙන් පේනවා අපේ කට්ටිය කියන බයිලා අනෙක් රටවල් පිළිගන්නේ නැහැ කියලා.

:       36       0

Athula kWednesday, 08 July 2020 01:58 PM

පරගැති භාවය...

:       0       0

Wasantha Tuesday, 07 July 2020 01:44 PM

තමන්ගේ රටේවත් හරියට පාලනයක් කරගන්න බැරි අය අපේ රටවල් පහතට දාන්න තමයි හදන්නේ... ඔය රටවලට වඩා අපේ රට මේ වෙද්දී ආරක්ෂිතයි. එන්න බැරිනම් අපිට මොකද?

:       0       21

ferna Tuesday, 07 July 2020 08:09 PM

කුහකකම...

:       0       25

samanthiWednesday, 08 July 2020 09:08 AM

කොටින්ගෙන් සහ කොටි හිතවතුන්ගෙන් අහලානේ එංගලන්තේ වැඩ කරන්නේ.

:       55       26

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14176 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site