IMG-LOGO

කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ බව ජර්මනිය කියයි

ජර්මනිය තුළ කොරෝනා වෛරසය පැතිරීම මේ වන විට පාලනය කර ඇති බවත් එය කළමනාකරණය කළ හැකි මට්ටමට පත්කර ගෙන ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පෑන් මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ රෝගයෙන් සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව වෛරසය ආසාදිත නව රෝගීන් සංඛ්‍යාවට වඩා මෑතකදී අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි.

අගුලු දැමීමේ සීමාවල සාර්ථකත්වය මීට හේතුවී ඇතැයි ද ඔහු පැවසීය.

ජර්මනියේ රෝග පාලනය පිළිිබඳ නියෝජිතායතනය හඳුනාගෙන ඇති පරිදි වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය දශම හත දක්වා පහත බැස තිබේ.

සංඛ්‍යාත්මකව එහි අර්ථය වන්නේ වෛරසය ආසාදිත එක් එක් පුද්ගලයා වෙතින් වෛරසය අලුතින් ආසාදය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එකට අඩු බවයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදිත සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව මෙන්ම වෛරසය හේතුවෙන් මරණයට පත්වන සංඛ්‍යාව තවමත් ඉහළ යමින් පවතී.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව ජර්මනියෙන් මේ විට හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 138,000 කට අධිකය.

වෛරසය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 3,868 ක් වන අතර එය වෙනත් රටවලට සාපේක්ෂව අඩු අගයකි.


(බීබීසී ඇසුරෙනි)

-226-



අදහස් (14)

කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ බව ජර්මනිය කියයි

abc Friday, 17 April 2020 04:23 PM

ජර්මනියේ විතරක් මරණ 1% ටත් වඩා අඩු ඇයි?

:       5       20

අනුර පද්මපෙරැමFriday, 17 April 2020 09:42 PM

ඇත්ත වශයෙන්ම ලංකාවේ ⁣දී කොරෝනා මර්දනය සදහා ගෙන ඇති ක්‍රමවේදය ඉතාමත් ප්‍රරශන්සනීයයි. ඡර්මනි⁣යේ පවතින නීතිය අනුව වැඩකරන සෑම පුද්ගලයකුටම අනිවාර්යෙන්ම සෞඛ්‍යය සංරක්ෂණයක් තිබිය යුතුය. මේ සදහා තම වැටුපෙන් සියයට දාහතරක (14%) පමණ ප්‍රමානයක් අය කරගනු ලැබේ. මේ නරැනු කාරණා නිසා රෝහල් හා එහි කාර්යමන්ඩල ඉහල ප්‍රරමිතියක් ඇතිව පවත්වා ගෙන යන අතර වෛද්‍ය උපකරණ සහ බෙහෙත් වර්ග මේ රටේම නිපදවයි. ⁣

:       1       64

ranaSaturday, 18 April 2020 03:51 AM

ඔවුන් රෝගය සුව උණු අයගෙන් ශරීරයේ නිපදවී ඇති ප්‍රතිශක්තිකරණය රෝගීන්ට ශරීර ගත කිරීමෙන් එම රෝගීන්ට සම්පූර්ණ සුවය ලැබෙන බව සොයාගෙන ඇත.

:       0       19

banda Friday, 17 April 2020 05:08 PM

ජර්මනියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

:       1069       166

abcSaturday, 18 April 2020 01:04 AM

අනෙකුත් යුරෝපා රටවලට වැඩිය ලංකාව හොද තැනක ඉන්න බව පේන්නේ නැද්ද ?

:       1       0

abcSaturday, 18 April 2020 03:44 AM

ලංකාව අනෙක් රටවල් වලට වඩා හොද තැනක ඉන්නවා. පේන්නේ නැද්ද ?

:       1       0

abcSaturday, 18 April 2020 07:44 AM

ඔහේ වගේ කුහක කතා කියන මිනිස්සු තමයි මෙක වැඩි වෙනකම් බලන් ඉන්නේ... ඒකෙන් හරි ගොඩ යන්න.

:       2       102

අනු⁣ර Friday, 17 April 2020 09:25 PM

ඇත්ත වශයෙන්ම ලංකාවේ ⁣දී කොරෝනා මර්දනය සදහා ගෙන ඇති ක්‍රමවේදය ඉතාමත් ප්‍රරශන්සනීය. ක්‍ෂ්‍යනික තීරණ ගෙන ඉතාමත් කැපවීමෙන් තම රාඡකාරිය ඉටුකළ සිටලුදෙනාගේම දායකත්වය නිසා වෛරසය පැතිරීම සීමා කොට මරණ සංඛ්‍යාව අවම තත්වයෙන් පවක්වා ගැනීමට හැකිවු අතර මේ සියලුම සේවා නොමි⁣ලයේම ලබා දෙනු ලබයි.

:       19       169

de silva berlin Saturday, 18 April 2020 12:59 AM

රෙදිකඩ, ලීබඩු සාප්පු, රෙස්ටුවරන්ට් වසා ඇත. ජර්මනියේ සුපර් මාර්කට් , ෆාමසි සාමාන්‍ය විදිහට විවෘත කරලා තිබෙනවා. එක පුද්ගලයෙකුට තනියම ගිහින් බඩු අරගෙන එන්න පුළුවන් සුපර් මාකට් ගිහින්. එකවර ඇතුල් කරගන්නේ සීමිත පිරිසකි. එම නිසා එහි තදබදයක් නැහැ. ඇදිරිනීතිය ඉවත් කරහම ලංකාවේ සිදුවන පරිදි තදබදයක් මෙහි සිදු වෙන්නේ නැහැ. සේවකයන්ගේ වැටුපෙන් 60 රජයෙන් ගෙවනවා.ඒවා ගන්න ග්‍රාමසේවක හමුවන්න යන්න අවශ්‍ය නැහැ.මාසේ අන්තිමට සේවා යෝජකයා විසින් ඒවා ගිණුමට බර කරනවා.බැංකු වහලා තිබුනත් ප්‍රශ්නයක් නැහැ.බැංකු කටයුතු බොහොමයක් සිදුවන්නේ අන්තර්ජාලයෙන්. කෙනෙක්ට කැමති වෙලාවක ගිහින් කාර්ඩ් එකෙන් ආසන්නයේම තිබෙන ටේලර් මැෂින් එකෙන් සල්ලි ගන්න ඉඩ දීල තිබෙනවා. මේ පියවර නිසා මෙහෙ ලොකු පෝලිම් තද බද නැහැ. මෙහෙ මිනිස්සුට ගමේ ගෙවල් ගානේ යමින් ඔපදුප කතාකිරීමේ පුරුද්දක් නැහැ. කොරෝනා පැතිරීමට හේතුව මේකයි. ලංකාවෙත් අවධානම් අඩු ප්‍රදේශ වලට ඇදිරිනීතිය ලිහිල් කර මෙවැනි ක්‍රියාදාමයක් අනුගමනය කිරීම හොඳ බව මගේ අදහසයි.

:       0       1

Nimal Saturday, 18 April 2020 05:06 AM

බණ්ඩා මේ රටට ඇවිල්ලනම් යන්නකෝ ජර්මනියට. මේ රටටනම් ඔය වගේ අය ඕනේ නෑ.

:       16       193

Kamal Koyrala Saturday, 18 April 2020 05:30 AM

ලෝක වාර්තාව නන්දසේනට මිස් උනා එහෙනම්...

:       651       400

upulSaturday, 18 April 2020 09:04 AM

නන්දසේනට එහෙම ලෝක වාර්තා තියන්න මානසික ලෙඩක් නැහැ. මෙ වෙලාවෙ කළ යුත්ත උපරිමයෙන් එතුමා කරනවා... එපමණයි...

:       87       247

athuraSunday, 19 April 2020 07:48 AM

නෑ එයාට තියෙන්නේ ඔක්කොම විද්‍යාත්මකව කරන ලෙඩේ....

:       0       2

BamunuarachchiMonday, 20 April 2020 04:54 AM

ඔව් athura, ඔහෙලගෙ ගොයියා ඇමරිකන් විදිහටනේ කොරන්න හැදුවේ නේද? ඔහෙලාවගේ අයට කොරෝනා රසවිඳින්න නොලැබීම ගැන මට දුකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site