(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 216 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,991 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 170 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 41 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු පස් දෙනෙක් ද වෙති.

මියගිය අය අතරින් 115 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 101 දෙනෙක් වෙති