IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා පාලනයට රුසියාව හමුදාව යොදවන්න සූදානම්

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑමත් සමඟ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් හමුදාව යොදවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය.

මේ අවස්ථාවේදී කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැකි සෑම අයුරකින්ම හමුදාව යොදාගත යුතු බව රුසියානු ජනාධිපතිවරයා කීය.

අමාත්‍යවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී හෙතෙම ඒ බව සඳහන් කළේය.

සඳුදා දිනයේදී පමණක් රුසියාවෙන් ආසාදිතයන් 2,558ක් වාර්තා වූ අතර දිනක් ඇතුළත එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන එය විය.

රුසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 21,102ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 170ක් ලෙස දැක්විණි.

ඒ.එෆ්.පී./බී.බී.සී.
055

 



අදහස් (5)

කොරෝනා පාලනයට රුසියාව හමුදාව යොදවන්න සූදානම්

jayath Wednesday, 15 April 2020 04:31 AM

අපි මේක කලින්ම කර හින්දා තමයි අද මෙතන ඉන්නේ... චීනෙත් අද ඔය තැන ඉන්නේ... ඒ තීරණය ගත් එක ක්‍රියාවේ යොදවපු හැමටම ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි..

:       0       0

sty Wednesday, 15 April 2020 04:35 AM

එඩිටරයෝ, කීයක් දෙනවද කඩේ යනවට, හීන් නූලෙන් ආණ්ඩුවට මිලිටරි පාලනයකට කඩේ යනවා... ලැජ්ජයි... මිනිස්සු මර්ධනයට උදව් දෙන්න එපා.., පරම්පරාවටම පටිසන් දෙනවා..

:       0       0

මැක්ස් Wednesday, 15 April 2020 04:53 AM

හොඳ වෙලාවට රුසියාවේ ජේවීපී යුඑන්පි එන් ජි ඕ නැහැ. හමුදාකරණය කරනවා කියලා කෑගහන්න.

:       0       0

thushara Wednesday, 15 April 2020 05:15 AM

අපේ හීරෝ නම් ...මුල ඉදලම ගේමේ 1ක බාර දීල තිබුනේ අපේ විරෝධාර රණවිරුවන්ට..

:       0       0

ajith Wednesday, 15 April 2020 07:47 AM

මම බැලුවා ඇයි රුසියාවේ කොරෝනා ව්‍යාප්තිය මෙච්චර අඩු කියලා. ස්වභාව ධර්මයට වරදින්න විදිහක් නෑ. රුසියාව අපේ මිතුරු රටක් තමයි. නමුත් පරිසරය විනාශ කරන රටවල් අතරින් ප්‍රධාන රටක්.දෙවැනි රටකට ස්වභාව ධර්මයෙන් සමාවක් ලැබෙන එකක් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31590 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13955 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site