IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා නිසා ලොව පුරා ගැටුම් උග්‍ර විය හැකියි

දරුණු ගෝලීය අර්බුදයක් බවට තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා පවතින ගැටුම් උග්‍ර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවීය.
 
ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන දරුණුතම ගෝලීය අර්බුදය යැයි කී එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා වයිරසය හේතුවෙන් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කර ඇතැයි ද කීය. 
 
ඒ තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථික පසුබැස්මක් සිදුවනු ඇතැයි අනතුරු ඇඟවූ හෙතෙම මීට පෙර සිදු වූ පසුබැසීම් කිසිවකට එය සමාන කළ නොහැකි යැයි ද පෙන්වා දුන්නේය.
 
කොරෝනා වයිරසය ලොව සිටින සෑම සියලු දෙනකුටම තර්ජනයක් යැයි පෙන්වාදුන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වයිරසය හේතුවෙන් ලොවපුරා ඇති ගැටුම් උත්සන්න වනු ඇතැයි ද කීවේය.
 
‘‘කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ තත්ත්වය හේතුවෙන් අස්ථාවරත්වයක් මෙන්ම කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ තත්ත්වය මුල් කරගනිමින් ලොව පුරා ගැටුම් ඇතිවෙන්න පුළුවන්. 
 
ඒ වගේම දැනට තිබෙන ගැටුම් උග්‍ර අතට හැරෙන්නත් පුළුවන්. එය තමයි අපි මුහුණ දෙන විශාලතම අභියෝගය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අපි මුහුණ දෙන විශාලතම අභියෝගය මෙය’’ යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කරන ලද්දේ 1945 වසරේදීය. ඒ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වැළැක්වීමත් ලෝක සාමය පවත්වාගෙන යෑමත් එහි ප්‍රධාන අරමුණු විය. ලොව රටවල් 193ක් මේ වනවිට එහි සාමාජිකත්වය ගෙන ඇත.
 
‘‘ශක්තිමත් සහ වඩාත් පලදායී ලෙස ප්‍රතිචාර දැක්විය හැක්කේ සහයෝගීත්වයෙන් පමණයි. අපි දේශපාලන බෙදීම් සහ දේශපාලන සෙල්ලම් අමතක කර එක්ව සටන් කළ යුතුයි. මානව වර්ගයා අවදානමකට පත්ව ඇති බව අපි තේරුම් ගන්න ඕනෑ’’ යැයි ද හෙතම කීය.
 ‘සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීය පැකේජයක් සකස් කළ යුතුයි. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමත් ඉන් සිදුව ඇති ඛේදජනක ප්‍රතිවිපාකවලට පිළිතුරු සෙවීමත් එහි ප්‍රධාන අරමුණු විය යුතුයි. එහෙත් එවන්නක් අද හෙට සකස් කරන්න බැහැ’’ යැයි ඔහු කීවේය.

අවිධිමත් ආර්ථිකයේ සිටින බොහෝ පිරිසක් විශේෂයෙන් ම දෛනික රැකියාව නිරත වී සිටින පිරිස් දැඩි අවදානමක සිටින බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අනතුරු ඇඟවීය.
 
කුඩා ව්‍යාපර කඩා වැටී ඇති බවත් ලොව පුරා විශාල පිරිසකට රැකියා අහිමි වී ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය.
 
‘‘අපි සෙමෙන් සෙමෙන් නිවැරැදි මාර්ගයට පිවිසෙමින් ඉන්නවා. එහෙත් අපි ඉක්මන් කරන්න ඕනෑ. මේ වයිරසය පරාජය කරන්න ඕනෑ නම් අපි තවත් බොහෝ දේ කරන්න ඕනෑ’’ යැයි ද හෙතෙම කීය

දුප්පත් සහ ගැටුම් පවතින රටවල ආධාර කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේදී ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව තවත් පියවරක් ඉදිරියට තබමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා නව අරමුදලක් ස්ථාපිත කළේය.
 
සාම්ප්‍රදායික සහ පොහොසත් රටවලින් ආධාර ලැබෙන බවත් මේ අවස්ථාවේදී එය ප්‍රමාණවත් නොවන බවත් කී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඒ සඳහා ‘‘නව්‍ය මූල්‍ය ක්‍රමවේද’’ අවශ්‍ය බවත් කීවේය. ඒ තුළින් මේ අර්බුදයේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට උදවු උපකාර කළ හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් කීවේය.
 
.එෆ්.පී.
 
055



අදහස් (2)

කොරෝනා නිසා ලොව පුරා ගැටුම් උග්‍ර විය හැකියි

sena Wednesday, 01 April 2020 01:23 PM

මේක නිකන් හෙම්බිරිස්සාවක්. දන්න එවුන් එකෙක් කියන්නේ නැහැ

:       0       1

lanka Wednesday, 01 April 2020 02:40 PM

චීනය හදන්නේ මුළු ලෝකෙම දුප්පතුන් කර තම මිල අඩු ,බාල බඩු ලෝකය පුරාම විකුනන්නයි . ඒ සඳහා චීනයෙන් ලෝකෙටම ලැබුන දායාදය තමයි කොරෝනා . මුලින් කට්ටියම කිය කිය හිටියා මේක කලේ ඇමරිකාව කියල . නමුත් දැන් තමයි තේරෙන්නේ හරියටම මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල .. කෝටි 140 ක් ජනතාවට සැප දෙන්න මුළු ලෝකෙම අනික් රටවල ජනතාව දුප්පතුන් කරන්න හදන්නේ ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site