(අනීෂා මානගේ)
කොවිඩ් - 19 වයිරසය ආසාදිත සංචාරක මගපෙන්වන්නකු නවාතැන්ගත් බව කියන තංගල්ල ගොයම්බොක්කේ සංචාරක හෝටලයක සේවකයන් දෙදෙනකු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් අද (1) රෝහල්ගත කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.
විදේශික සංචාරකයන් පිරිසක් සමඟ තංගල්ලට පැමිණි බව කියන මෙම මගපෙන්වන්නා ඉකුත් 15,16 සහ 17 යන දිනවල දී තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳි සිටි බවට අනාවරණය වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි මොහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (31) කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණ.
මෙම මගපෙන්වන්නා නවාතැන්ගත් සංචාරක හෝටලය ඊයේ (31) දින සිට තාවකාලිකව වසා දැමීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පියවර ගත් අතර එම හෝටලය විෂබීජහරණය කිරීම අද (1) සිදුකෙරිණි.
මෙම හෝටලයේ සේවකයන් දෙදෙනකු අද (1) දින වන විට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව වෛද්‍ය ජගත් ගජධීර මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිතයෙකු සිටි හෝටලයක සේවකයන් 2 ක් රෝහල් ගතකෙරේ