(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැවත වරක් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු හඟවති.
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බළ ප්‍රදේශයෙන් පෙරේදා (15) දිනය වනවිට පමණක් කොරෝනා ආසාදිතයින් 32 ක් සහ ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බළ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 06 ක් වාර්තා වී තිබේ.
ඉබ්බාගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හය දෙනාම ඉබ්බාගමුව තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් බව පැවසේ.
මෙම අවදානම් තත්ත්වය හමුවේ එම තැපැල් කාර්යාලයද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
අනෙක් ආසාදිතයින් ගනේවත්ත තිත්තවැල්ගාල,වේදෙනිය හුනුපොළ සහ කුඹුක්ගැටේ ප්‍රදේශ වලින් වාර්තා වී ඇත.
මෙය මෑත කාලයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද සැලකේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කුරුණෑගල සෞඛ්‍ය අංශ කොරෝනා අවදානමක් ගැන යළි අනතුරු අඟවයි