
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
ජාතික ක්‍රිකට් කණ්ඩායම් නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා හදිසියේ මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග කියයි
මොරටුව , ෆ්‍රැන්සිස්කු පෙදෙසේ පදිංචිව සිටී සුරංග මහතා ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (18) රාත්‍රි පැවති ක්‍රිකට් තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටියදී වතුර වීදුරුවක් පානය කිරීමට නැගිට යාමේදී හදිසියේ පපුව අල්ලාගෙන දන ගසාගෙන බිම වාඩිවී ඇති අතර, බිරිඳ සහ දුනිත් වෙල්ලාලගේගේ සොහොයුරා විසින් පානදුර මූලික රෝහලට රැගෙන විත් තිබුණි .
පානදුර රෝහලට ඇතුලත් කරන විටත් සුරංග වෙල්ලාලගේ මහතා මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
මෘතදේහය දේහය සම්න්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදුකල අතර, රෝහල් පරිශ්‍රය තුල පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් විශාල පිරිසක් රැස්ව සිටියහ.
මියගොස් ඇති සුරංග වෙල්ලාලගේ මහතාගේ ආදරනීය බිරිද හර්ෂනී කාංචනා වෙල්ලාලගේ මහත්මිය ගෙන් පොලිසිය සහ හදිසි මරණ පරීක්ෂකවරයා සාක්ෂි සටහන් කරගත්තේය. සංචාරය අතරතුර පියාගේ වියෝවෙන් දුනිත් වෙල්ලාලගේ මහතාද පරීක්ෂණ සිදුකරන ස්ථානයට පැමිණ සිටියහ.
මොරටුව මූලස්ථාන පොලිසියේ කොස්තාපල් ජේ කේ විජේසිංහ (97314) විසින් සාක්ෂි මෙහෙයවන ලදී.
සුරංග වෙල්ලාලගේ මහතාගේ අවසන් කටයුතු 21 ඉරිදා පස්වරුවේ මොරටුව රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ක්‍රිකට් තරගය බලද්දී වෙල්ලාලගේ පියා මියයයි