(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් මගින් අද(26)දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
ඔවුන් ගුවන් යානය තුළ සෞඛ්‍යාරක්ෂිතව , දුරස්ථභාවයකින් යුතුව කුඩා කණ්ඩායම් ලෙස අසුන් ගන්වා තිබු අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට ගැනීමේදීත් , එම කණ්ඩායම් අනුවම එය සිදු කෙරුණි .
ඔවුන්ගේ විෂබීජහරණය කිරීමත් මෙම කණ්ඩායම් ක්‍රමය අනුව සිදු කළ අතර , ඔවුන්ගේ කොවිඩ් - 19 රෝග ලක්ෂණ පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු ද මෙම ක්‍රමයටම සිදු කෙරුණි .
ඒ අතර මෙම සිසුන් පැමිණි ගුවන් යානයත් , එහි කාර්යය මණ්ඩලයත් කටුනායක ගුවන් තොටුපළ තුළ දී විශේෂ විෂබීජහරණ ක්‍රියාවලියකට ලක් කෙරුණි .
පසුව එසේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ සිසුන් , ශ්‍රී ලංකා යුද හමුදාව විසින් , නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය .
සබැඳි - කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති
siri Sunday, 26 April 2020 08:40 AM
ලංකා ගුරු සංගමයෙන් ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටර්ලින් මේ ගැන මෙවැනි අදහසක් පල කරැති බව අන්තර් ජාලයේ වාර්තා කර තිබෙනවා. "බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළ පරිදි සිසුන් 580 ක් ඉන්දියානු රාජ්‍ය ශිෂ්‍යත්ව මත ඉන්දියාවට ගොස් අධ්‍යාපනය ලබති. එසේම පිලිපීනය, නේපාලය, බංගලිදේශය හා පකිස්ථානයේ ද ලාංකික සිසුන් අධ්‍යාපනය ලබති. මින් බහුතරයක් රාජ්‍ය ශිෂ්‍යත්වධාරීන්ය. මේ වන වට ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් ගුවන් ටිකට් පත් සඳහා අධික මුදලක් අය කිරීම තුළ එම සිසුන්ගේ දෙමාපියන් බරපතල අපහසුතාවකට පත්ව ඇත. එළඹෙන සෙනසුරාදා දින මුම්බායි සිට පැමිණීමට නියමිත එක් සිසුවෙකුගෙන් අය කර ඇති ගුවන් ටිකට් පත් ගාස්තුව රු.58650/-කි. මෙම ගාස්තුව පැමිණීම සඳහා එක් ගමන් වාරයකට පමණි. ප්‍රථමයෙන්ම චීනයේ වූහාන් නගරයේ අධ්‍යාපනය ලැබූ සිසුන් ලංකාවට රැගෙන එන ලද්දේ කිසිදු මුදල් අය කිරීමකින් තොරවය.මේ තත්වය තුළ මෙම සිසුන් රජයේ වියදමින් ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලෙසත්, මේ වන විට ගුවන් ටිකට් පත් සඳහා ගෙවා ඇති මුදල් ආපසු ගෙවීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී"