
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් කමලා හැරිස්, ඇගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපති ධුරය සඳහා ටිම් වොල්ස් තෝරා ගත්තාය. ඒ, පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා ප්‍රාන්තයේ පැවැති ඩිමොක්‍රටික් පක්ෂ රැලියේදීය.
60 හැවිරිදි ටිම් වොල්ස්, මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාය. ලිබරල් දේශපාලන මතධාරියකු වන වොල්ස්, පාපන්දු පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර තිබේ. ඔහු මිනසෝටා ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ 2019 වසරේ සිටය.
නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කමලා හැරිස්, වර්තමානයේ ඇමෙරිකාවේ උප ජනාධිපතිනිය ද වෙයි. ඇය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට පත්වුවහොත්, ඇය ඇගේ දෙවැනියා ලෙස තෝරා ගත් ටිම් වොල්ස්ට උප ජනපති ධුරය හිමිවෙයි.
එමෙන්ම හැරිස් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවහොත් එම ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත්තේත්, පළමු කළු ජාතික සහ ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තිය වනු ඇත්තේත් ඇයයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1586
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කමලා හැරිස් ඇගේ දෙවැනියා තෝරා ගනී
අරවින්ද මොනරවිල Wednesday, 07 August 2024 10:01 AM
මම හිතුවේ අපේ සජිත් පුතාණෝ තෝරා ගනියි කියලා. සමහර විට කමළා හැරිස් බය වෙන්න ඇති පුතණෝගේ සුපිරි බුද්ධියටයි කාටවත් සමකළ නොහොකි වැඩ කිරීමේ හැකියාවටයි.