හොලිවුඩ් සරාගී නිරූපිකාවක වන කිම් කාර්ඩිෂන්ව මංකොල්ල කෑමේ සිදුවීම පිළිබඳව මේ වනවිට විවිධ තොරතුරු අනාවරණය වෙමින් පවතී. ඒ පැරීසියේ හෝටලයක් තුළදී ඇයගේ හිසට ගිනි අවියක් තබා මෙම මංකොල්ලකෑම සිදුකර ඇති බවට මුලින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණද මේ වන විට එය සම්පූර්ණ වශයෙන් වෙනස් වී ඇයගේ සුඛෝපභෝගී නිවසේ සිදුවූ බව ස්ථීර කරගෙන තිබේ.
කිම් කාර්ඩිෂන්ගේ ස්වර්ණාභරණ හා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් මංකොල්ලකා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලිස් ඇඳුම් ඇඳ ගත් පුද්ගලයන් 05දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම මංකොල්ලය සිදුකර ඇති බවත් එහිදී කිම් කාර්ඩිෂන්ගේ ආත්මාරක්ෂකයන් නොසිටි බවත් වාර්තා වේ. මෙම මංකොල්ලය පිළිබඳව වැඩිදුරටත් තොරතුරු සඳහන් වන්නේ, කිම් කාර්ඩිෂන්ට තම කාමරයේ සිටියදී පඩිපෙළ දෙසින් කිහිපදෙනෙකු කතාකරන ශබ්දයද ඇසුණු බවත්, මංකොල්ලකරුවන් විසින් කිම් කාර්ඩිෂන්ව නානකාමරයට දමා දොරගුළුලා ඇය පැළඳ සිටි යුරෝ මිලියන 4ක මුදුවක්ද ගලවාගෙන ඇති බවයි. තම ආත්මාරක්ෂකයන් එදින නොසිට ඇත්තේ, තම නැගණියන් වන කර්ඩ්නි සහ කෙන්ඩල් සමග "ආර්ක් නයිට් ක්ලබ්" සඳහා තම ආරක්ෂකයන් ගොස් සිටි නිසා බවද කිම් සඳහන් කර ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් තම ආරක්ෂක ප්‍රධානීන් හට මේ වන විට දැඩි පියවර ගෙන ඇති බවද, එම සුඛෝපභෝගී නිවසෙන් ඔවුන් පිටව ගොස් ඇති බවද සඳහන් වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කිම්ගේ මංකොල්ලයේ තවත් තොරතුරු අනාවරණය වෙයි