IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කොබවක හිමිගේ ආරක්ෂාව ඉවත් කරලා?

(එම්.කේ.නන්දසේන)

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ගෙ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ඉවත්කොට එම නිළධාරින් දෙදෙනා කිරිවෙහෙර පහල මළුවට සහ ඉහල මළුවට යොදවා ඇතැයි වාර්තා වේ.

තවද නාහිමියන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් දෙදෙනා ද කාවන්තිස්සපුර මූලස්ථාන කඳවුර  කැඳවා ඇතැයි කිරිවෙහෙර විහාරස්ථානය කියයි.

පොලිස්පතිවරයාගේ නිසි අවසරයකින් තොරව ප්‍රභූ, දේශපාලන හා ආගමික නායකයන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන ලෙස තංගල්ල පොලිස් අධිකාරි කොට්ඨාසය තුළ ඇති සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා චක්‍ර ලේඛනයක් මගින් දැනුම්දී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී. එස්. ඉෂාන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ එස්.ටී.එෆ් ආරක්ෂාව ඉවත්කොට ඇතැත් පොලිස් ආරක්ෂාව එලෙසම පවතින බවය.

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු වසර හතකට වැඩි කාලයක් තිස්සේ පොලිස් හා එස්. ටී. එෆ්. ආරක්ෂාව ලබාදී තිබිණ.

 



අදහස් (31)

කොබවක හිමිගේ ආරක්ෂාව ඉවත් කරලා?

ravin Thursday, 23 October 2025 07:13 PM

මහණදම යනු ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන නිවනට යන ගමනකි. ආරක්ෂාව අවශ්‍ය ජීවිතයේ ලෞකික සැප උදෙසාය. ඉතින්...

:       93       77

ජිල්බු Friday, 24 October 2025 06:27 AM

ඒ බෞද්ධ ධර්මය අනුවනේ, මේව එහෙමද?

:       39       9

SuduFriday, 24 October 2025 07:21 AM

@රවින්. මහනදම් කියලා අපරාධකරුවන් අතින් වෙඩිකනකම් ඉන්න කියලද කියන්නේ. උන්වහන්සේගේ වැරැද්දක් නැතුව වෙඩි තිබ්බෙව්වා කියලයි ඒ දිනවල පැතුරුනේ. ඒ නිසයි ඔය ආරක්‍ෂාව දුන්නේ - කිරිවෙහෙරේ ආරක්‍ෂාවත් සඳහා (විශේශයෙන් බැතිමතුන් සඳහාත්). මතකයිනේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට එක් වරකුයි දලදා මාලිගාවට දෙවරකුයි ත්‍රස්ත ප්‍රහාර එල්ල වුනු බවත් සාමාන්‍ය ජනතාව පවා මියගිය සහ තුවාල ලද බවත්. අපේ බෞද්ධ සිද්ධස්ථාන වලට අද ඊයේ නෙවෙයි ඔය හිරිහැර වෙන්නේ. ඒ නිසා කරුනාකර අපේ වන්දනීය ස්ථානවල ආරක්ශාව අනතුරට හෙලිය යුතුයි කියන මතයෙන් අයින් වෙන්න​. කොච්චර කැලෑ මාරු කරත් කොටි සහ සහ්චරය්න් ගේ පුල්ලි මාරු වෙන්නේ නෑ.

:       4       128

liyanagamaFriday, 24 October 2025 07:23 AM

මහන වුනත් පුරවැසියෙක්. කවුරු අතින්වත් නිකම් මැරෙන්න ඕනා නෑ වැල්ලේතොට පඤ්ඤාදස්සී හාමුදුරුවන්ව 87-89 කාලේ මරලා ගිනිතියලා දැම්මා වගේ. ටීවී එකේ ඒ පෙන්නපු බිහිසුනු දර්ශනය තාම මතකයි. ඒ කාලේ තිබුනු රජය සහ හමුදා පමනක් නෙවෙයි ඕවා කරේ. ඒ වගේ අය තාමත් ඇති.

:       4       104

සඳමාලි Thursday, 23 October 2025 07:37 PM

කමක් නෑ. පුනරුදයටලුනේ රට යන්නේ. ඒ සඳහා සැලකිය යුතු ලොකු පියවරක් ඊයේ, පෙරේදා වැලිගම ප්‍රාදේශීය සභාවේදී තිබ්බානේ. කමෝන් මාලිමාණ්ඩුව...!

:       79       118

පොඩිඑකාThursday, 23 October 2025 08:16 PM

අන්න සදමාලිට තේරිලා. මේ ආකාරයට කොහේ හිටියත්, කවර තනතුරක් දැරුවත් පාතාලයන් විනාශ කළ යුතුයි.

:       47       6

පන්සිළු Thursday, 23 October 2025 07:56 PM

සිංහලබෞද්ධ නායකයින් විනාශ කර සිංහල බෞද්ධ රට විනාශ කිරීමේ ජාත්‍යන්තර කොන්ත්‍රාත් එක කොටි ඩයස්පෝරාව සමඟ එක්ව වර්ථමාන දීන පාලකයින් විසින් ක්‍රියාත්මක කරමින් පවතියි. පචවලට හසු වී රැල්ලට ඡන්දය දුන් ජනතාව මේවාට වගකිව යුතුයි. තව තව සෙල්ලම් ළඟ ළඟ දැකිය හැකිවෙයි. හැබැයි ඒ එයාලාගෙත් අවසානය සමඟ...

:       83       139

GihanFriday, 24 October 2025 05:15 AM

වැඩේ කියන්නේ ඔය සිංහල බෞද්ධ නායකයෝ කියන අය අපරාද නඩු තියෙන පාතාලයොනේ...

:       55       5

ජිල්බු Friday, 24 October 2025 05:35 AM

බුද්ධාගම විනාශ කරන්න නම් වෙන කවුරුත් ඕන්නෑ. ඕක බදාගෙන ඉන්න අය හොඳටම ඇති.

:       42       11

සිංපළුFriday, 24 October 2025 04:45 PM

මහනායක හාමුදුරැවන්ටත් නැති ගායක්නෙ මේ පංසිලුවට තියෙන්නෙ.

:       35       2

Malija Thursday, 23 October 2025 08:27 PM

බුදුන් රජානන්වහන්සේට ආරක්ශකයින් සිටියේ නැත. බුදුන් දේශනා කරපු ධර්ම මාරගයේ ගමන් කරන කිසිවෙකුටත් ආරක්ශකයින් උවමනා නැත. කහ සිවුරු පොරවාගෙන දේශපාලකයින්ගේ වුවමනා එපාකම් කරමින්, ඔවුන්ට කඩේ යන, සිවුරට මුවා වෙලා පාතාලය සමඟ වැඩ කරමින් පන්සල් වල වැජබෙන අයට තමා ආරක්ශාව උවමනා වේ...

:       20       6

රනේ Thursday, 23 October 2025 10:03 PM

හිටපු පාලකයෝ විනාශ නොකරපු දෙයක්, තැනක් තව තියෙනවද? අඩුගානෙ පන්සලක්වත්?

:       18       7

රුවන් Thursday, 23 October 2025 11:16 PM

බුදුරජාණන් වහන්සේට ආරක්ෂක නිලධාරීන් කීයක් සිටියේද? මිහිඳු මහරහතන් වහන්සේට ආරක්ෂක නිලධාරීන් කීයක් සිටියේද? ආරක්ෂාව අවශ්‍ය ඇයි? දොර සතුරන් ඉන්නේ ඇයි.?

:       19       5

Ruwan Friday, 24 October 2025 12:12 AM

බුද්ධ ශාසනේද , සල්ලිද ? යන දෙකෙන් එකක් තෝරගෙන එළියට බහින් න. ඔබවහන්සේලා වගේ අය නැති තරමට සාසනය ආරක්ෂා වෙනවා දේවියනේ!

:       13       5

Srinath Friday, 24 October 2025 12:33 AM

සසර කෙටි කරන්න මහන වෙලා දැන් මැරෙන්න බයවෙලා, බොරුවට ආගමික නායකයෝ කියගෙන ඉන්න හැමෝම කරන්නේ ආගමත් විකුනන් කන එක.

:       12       4

චන්දන Friday, 24 October 2025 05:10 AM

අනේ මාලි නොදුටු මොක්පුර

:       2       22

ලුම්බිණි Friday, 24 October 2025 05:55 AM

හාමුදුරුවරුන්ට මොකටද පොලිස් ආරක්ෂා ?

:       20       2

maalaka Friday, 24 October 2025 06:10 AM

භික්ෂුවකට පොලිස් ආරක්ෂාව?

:       0       0

Perera Friday, 24 October 2025 07:16 AM

මහජනතාවගෙන් ආරක්ෂා වෙන්න නම් මේ ඉල්ලන්නේ මේ තරමටම පුද්ගලයන් මේ හාමුදුරුවන්ට වෛරී කරන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන.

:       16       3

පිටිගල මිලානෝ Friday, 24 October 2025 07:27 AM

මොකෝ මෙයාට ධර්මයේ ආරක්ෂාව නැද්ද ? පොලිස් සරණං ගච්චාමි කියලාද මෙයා කියන්නේ…?

:       17       4

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 24 October 2025 08:38 AM

හත්වලාමයි... යෝගා බයියන්දඩී අනිවාර්යය නිවාඩු ගිහිං, සඳමාලි බයි නැගණිය කරළියට ඇවිදින්

:       15       4

කිං කැකිල්ලේ Friday, 24 October 2025 08:47 AM

ඉතින් රදගුරු තුමාට 50ක විතර ආරක්ෂාවක් දීල තියෙන්නේ ඉක්මනට දිව්‍ය ලෝකෙ යන්නද?

:       2       75

Aruna Amarasinghe Friday, 24 October 2025 09:23 AM

කතරගම කොබා සහ ඔහුගේ නිල නොවන පෙම්වතියටත් දරුවෙක් ඉන්නවා.

:       44       6

Rata Perata Friday, 24 October 2025 10:14 AM

මහනදම් පුරනවා කියන ඒකේ අර්ථයත් දැන් සමාජයෙන් අයින් වෙලා තියෙනවා. දේපල බදාගෙන ඉන්නේ නැතුව ආරණ්‍යවාසී වෙලා ශාසනයට ආව කාරණය ඉෂ්ට කරගන්න

:       30       6

සංඛ Friday, 24 October 2025 10:21 AM

නිදහසෙන් පස්සේ රට කරපු ධනේශ්වර සහ වාමාංශික ආණ්ඩු විසින් අපේ බෞද්ධ රට ප්‍රකෝටි ගනන් ණය අරගෙන රට හොරා කාල නැති බංග කරලා බංකොලොත් කරලම විනාස කලා.අද මේ මාලිමා ආණ්ඩුව රටේ පිනකට පහළ වෙලා හොරා කෑවා කම්බ හොරුන්ට දැඩි දඬුවම් දෙමින් රට නියම මාවතකට ගන්නවා.ඉතින් රටේ නිරායුධ පුරවැසි කිසිම කෙනෙක්ට ආරක්ෂාව අවශ්‍ය නැහැ.

:       28       6

සමන් වි2 Friday, 24 October 2025 12:29 PM

ඩොබිලා හෙලුවෙන්ම හෝදනවා, පව් 1700 ට කහින කැහිල්ල .

:       4       58

ගමේ එකාලා Friday, 24 October 2025 12:31 PM

ධර්මානුකූළව ජීවත් වන්නා දර්මය විසින් රකිනවා කියලයි අපි අහලා තියෙන්නේ? බූද්ද චීවරය දාගත්තු හාමුදුරු කෙනෙක් ,ආරක්ෂාව අහවල් දේකටද?

:       21       9

Lalla Friday, 24 October 2025 01:13 PM

ඔවුන් ධර්ම දේශනා කළාට ධර්මයෙන් ජීවත් නොවන නිසා... පැහැදිලිවම...

:       22       5

නන්දන පනා-මිලානෝ Friday, 24 October 2025 01:22 PM

කතරගම කොබා ශාසනය විනාශ කරන පව්කාරයෙක්. ස්ත්‍රී ධූර්ථයෙක්…

:       24       5

Jayasekara Friday, 24 October 2025 04:25 PM

පුළුවන්නම් භාවනා කරලා පෙන්නන්න කියන්න මාසයක් එක දිගට වනගත වෙලා ... ආරක්ෂාවක් ඉල්ලන්නේ නැහැ සිකුරුයි

:       18       4

Haramanis Saturday, 25 October 2025 02:17 AM

ආරක්ෂාව ලබා දෙන්නේ බුද්ධ දර්ශනය ආරක්ෂා වීම සදහා නම් කමක් නැහැ. එහෙම නැතුව නම් වැඩක් නැහැ කියලා බුද්ධ ශාසන ඇමැතිට තේරුන් ගිහින් ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1969 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site