(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහල දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද එම තීරණය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම බැඳී නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ එම තීරණය මහජන උපයෝගීතා කොමිසමේ පනතට පටහැනි බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය.
කැබිනට් මණ්ඩලය පසුගිය කාලය පුරා හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා රැසකට අනුමැතිය ලබා දුන්නද මහජන උපයෝගීතා කොමිසම එම යෝජනා ක්‍රියාත්මක නොකළ බවත් එම යෝජනා මෙන්ම මෙම විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවද ක්‍රියාත්මක නොකර සිටීමේ හැකියාව එම කොමිසමට ඇති බව ද සභාපතිවරයා කීය.
කැබිනට් පත්‍රිකාව මගින් ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ලැබූ පාඩුව පියවා ගැනීමට විදුලි බිල ඉහල දැමීමට යෝජනා කර ඇති බවත් මහජන උපයෝගීතා පනතට අනුව පිරිවැය ප්‍රතිපූර්ණය කර ගැනීමට මිස ඊට පෙර ලැබූ පාඩු පියවා ගැනීමට විදුලි බිල ඉහළ දැමිය නොහැකි බව කී ජනක රත්නායක මහතා තමන් පනත අනුව පමණක් කටයුතු කරන බවද සඳහන් කළේය.
කැබිනට් පත්‍රිකාවමගින් ජනවාරි සහ ජූනි යන මාස වලදී විදුලි ගාස්තු ඉහල දැමීමට යෝජනා කිරීම පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකාවේ කාලගුණික තත්වය අනුව අප්‍රේල් සහ ඔක්තෝම්බර් යන මාසවලදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම 2016 වසරේ යෝජනා කළ බවද සභාපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘කැබිනට් තීරණ ක්‍රියාත්මක කරන්න බැඳිලා නෑ‘‘
මුදියන්සේ....ගම්පහ Thursday, 01 December 2022 05:47 PM
අකාර්යක්ෂම පාලනය සහ දූෂිත කටයුතු හේතුවෙන් රුපියල් බිලියන ගණනක පාඩු ලබා ඇති ලංකා විදුලි බල මණ්ඩලය, ණය බර යැයි පෙන්වා දෙමින් විදුලි බිල වැඩි කිරීමට යාම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මේ වෙනුවෙන් මහජන උපයෝගිතා කොමිසම, රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුමය.
siri Thursday, 01 December 2022 06:14 PM
මේ වගේ මිනිස්සුන්ට පීඩා කරන කැබිනට් එකක් කවදාවත් තිබිලා නැත
jagath Thursday, 01 December 2022 08:04 PM
නියමයි ශ්‍රේෂ්ටයි ඔබතුමා ... i rest pect you sir....
අබිලින් Friday, 02 December 2022 05:09 PM
ඔහේට තියෙන්නේ පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම වෙන්න පුළුවන්... ඒත් රජයෙන් වැටුප් ලබන සෑම කෙනෙක්ම පවතින රජයට පක්ෂපාතී විය යුතුයි කියලා අහලා නැත්නම් ඒ ගැනත් දැනුවත් වීමට උත්සාහ කරන්න ඔහේ ඕක කියන්න කොණ්ඩය බැන්ද චීනෙක්ට. හැම වෙලාවේම මිනිස්සු මෝඩයින්ට අන්දවන්න එපා.