
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ඉදිරියේදී බරපතළ ගැටලු ඇතිවිය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කොප් කමිටුව) එහි නිලධාරීන්ට පෙන්වාදී ඇත.
එල්ටීඑල් සමාගමේ කොටස් බෙදී ඇති ආකාරය ඇපැහැදිලි බවත් ආයතනයන් ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ තත්වය ගැටළුවක් විය හැකි බවත් කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවැසුවේය
එල්ටීඑල් සමාගමේ කොටස් වෙස්ට් කොස්ට් ආයතනය සහ ඊසොට් සමාගම යන ආයතන වලට බෙදී ඇති අාකාරය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී කාරක සභාවේ මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්නේ කොටස් බෙදීම මෙන්ම එහි ක්‍රියාකාරීත්වය ඉතාම අපැහැදිලි බවයි.
මේ නිසා මේ තත්වය පැහැදිලි කර ගැනීමට නීති අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් ඉක්මනින්ම කටයුතු කළ යුතු බව කාරක සභාව නිර්දේශ කළේය.
මේ අනුව එල්.ටී.එල් සමාගම ලබන මස 24 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවීමටද තීරණය කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝප් කමිටුවෙන් විදුලියට රතු එළියක්