IMG-LOGO

'කඳුළු අතරේ' සමගින් එන ක්‍රිෂාන් රණසිංහ

2016-09-08-ent-76

ක්‍රිෂාන් රණසිංහ යන නම ඔබේ දෑසට හුරු වන්නේ ජාතික සහ යොවුන් පුවත්පත්වල නිතර දකින්නට ලැබෙන ඔහුගේ නම නිසා විය හැකිය. ඒ, ඔහු ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන බැවිනි. මෙවර ඔහුගේ නම හා ගැටෙන මේ කතාව එවැන්නක් සඳහා නොව, ඔහු විසින් ගයන ඔහුගේ කුලුඳුල් ගීතය පිළිබඳවය. එනම්, පසුගියදා නිකුත් වූ "කඳුළු අතරේ' ගීතය පිළිබඳවය.

 

ඔබේ විස්තර?

2016-09-08-ent-75මම ක්‍රිෂාන් රණසිංහ. ඉන්නෙ කිරිබත්ගොඩ.

 

ගීතය ගැන කතා කරමු?

මම හේෂාන් ගමගේ ගුරුවරයාගේ කට හඬ පුහුණු පන්තියට සහභාගි වුණා. එහිදී මට අෂාන් ප්‍රනාන්දු මල්ලි මුණගැහුණා. පස්සෙ මම ඔහුට කිවුව මට ගීතයක් කරන ඕන කියලා. ඔහු මට ට්‍රැක් එකක් කරලා එවුවා. එය නිසල් ප්‍රනාන්දු තමයි පද රචනය කළේ. අපි ගීත තුනක් නිර්මාණය කළා. දැන් එක ගීතයක් නිකුත් කරලා තියෙනවා. ගීතයේ නම "කඳුළු අතරේ". මේ දිනවල එම ගීතය ගුවන් විදුලියෙ ප්‍රචාරණය වෙනවා. ඒ නමින් සෙවුම් කළොත් යූ ටියුබ් වෙබ් අඩවියෙත් එය දැකිය හැකියි. නුදුරේදීම එම ගීතයට මියුසික් වීඩියෝවක් එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා.

 

සංගීතයට යොමුවීම සිදුවන්නේ කොහොමද?

පාසලේ කනිෂ්ඨ අවධියේ සිටම සංගීතයටයි යොමුවෙලා සිටියෙ. මම සංගීතය හැදෑරුවෙ මනෝජ් නාවලගේ අයියා යටතේ. ඔහු එවකට "සෙනිත්" සංගීත කණ්ඩායමේ හිටපු ලීඩ් ගිටාර් වාදන ශිල්පියා. මම හෝමගම මධ්‍ය මහා විද්‍යාලයෙනුයි අධ්‍යාපනය හැදෑරුවෙ. එහි සංගීත ගුරුවරයාව සිටියේ ගයාන් ගනකධාර මහතා. මම උසස් පෙළට හැදෑරුවෙ වාණිජ විෂය ධාරා. නමුත්, ඔහු ගිටාර් වාදන හැකියාවන් හඳුනාගෙන මාව සංගීත වාදනය යොමු කළා. ඒ කාලයෙ යොවුන් මෙන්ම රාජ්‍ය නාට්‍ය උලෙළ පවා නියෝජනය කළ වේදිකා නාට්‍යවල සහය සංගීත ශිල්පියෙකු ලෙස නියුතු වන්නට මට හැකියාව ලැබුණා. පාසල් කාලය තුළත්, පාසල් කාලයෙන් පසුවත් තරුණ සේවා සභාවේදී නාට්‍යවලට සහභාගි වෙන්නටත් මට හැකියාව ලැබුණා.

 

වෘත්තීය ජීවිතයට යොමුවීම සිදුවන්නේ කොහොමද?

මම යොවුන් පත්තරේක දැක්කා රචකයෙකුට රැකියා අවස්ථාවක් තියෙනවා. මම එහි ගියේ මම ලියපු කවිපොතකුත් අරගෙන. එවිට එහි ප්‍රධාන කතෘව සිටි මහේෂ් රත්සර මද්දුමාරච්චි මහතා මාව රැකියාවට අරගත්තා. ඒ විදියට කාලයක් යනකොට මගේ ලිපිවලට ඡායාරූප අරගන්න මම කල්පනා කළා. ඒ අනුව මම ඡායාරූපකරණය ඉගෙනගත්තා. එයින් වසර එකහමාරක් පමණ ගිය පසු මම ඒ පත්තරේම ප්‍රධාන ඡායාරූප ශිල්පියා බවට පත්වුණා. ඉන්පස්සෙ දිගටම මම ඒ පැත්තටම ගියා. එයින් කලකට පසු මම %විජය^ පුවත්පත් සමාගමට සම්බන්ධ වුණා.

 

ගායකයෙකු වීම හරහා වෘත්තියට බාධාවක් වෙයිද?

මට ගායකයෙක් වෙන එක ගැන තියෙන්නෙ ආසාවක්. මට වෘත්තියක් තියෙනවා සහ ඒ වෘත්තියේ මම සැලකියයුතු තරම් ඉදිරියකට ගොස් තියෙනවා. විනෝදාංශයක් විදියටයි සංගීතය හදාරන්නෙ. මගේ වෘත්තීය ජීවිතයයි, සංගීත ජීවිතයයි පටලගන්නෙ නැතුව මේ දෙක සමබරව කරගෙන යන්න මම හිතාගෙන ඉන්නවා.

 

ස්තුතිය

මගේ පළමු ගුරුවරයා මනෝජ් නාවලගේ සිට ගහාන් ගනකධාර, පුවත්පත්කලාවට ගෙන ආ මහේෂ් රත්සර මද්දුමාරච්චි, %විජය^ පුවත්පත් සමාගමට ගෙන ආ සඳුන් ගමගේ, පසුව දුමින්ද සංජීව බාලසූරිය මහත්තයා, දැනටත් උදවු කරන ප්‍රධාන කතෘතුමා කාංචන දසනායක මහත්තයා, මගේ අම්මා, තාත්තා, මගේ පවුලේ උදවිය, නෑදෑ හිත මිතුරන් මේ මොහොතේ මතක් කර සිටිනවා. මට ලොකු නෑදෑ සහ මිතුරු පරපුරක් ඉන්නවා. වචනයකින් හෝ උදවු වුණු ඒ සියලු දෙනාට ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්වා.

 

0719 078 077

 

රචින්ත ජයවර්ධන

ඡායාරූප - ශමීර රාජපක්ෂ

 



අදහස් (0)

'කඳුළු අතරේ' සමගින් එන ක්‍රිෂාන් රණසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 78 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site