
(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සවස 6.55 ට මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත දුම්රිය ස්ථානවල නතර කර කොටුව දුම්රිය ස්ථානයට ළඟාවී රාත්‍රී 8.00 කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.