
(රවින්ද්‍ර ලියනගේ )
කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී ඇති බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි.
මෙම අනතුර අද පෙරවරු 9.30ට පමණ සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදියෙහි දෙදෙනෙකු ගමන් කර ඇති බවත් සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරු පැදිය පැද වූ වඩුමුන්නේගෙදර පදිංචි වෙනුර ඉමේෂ් නැමති 20 හැවිරිදි තරුණයෙකි.
යතුරු පැදියේ පසුපස ගමන්ගත් 19 හැවිරිදි තරුණයා බරපතල තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුලත් කර තිබේ.
මීගමුව සිට දංකොටුව දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා කන්ටේනර් රථයක පසුපස රෝදයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයේ වම්පස නතර කර තිබියදී ඒ දෙසට ධාවනය වූ යතුරු පැදිය කන්ටේනර් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදුවී ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
අනතුර සම්බන්දයෙන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කන්ටේනර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුලරත්න, සැරයන් (25504) චමින්ද හා කොස්තාපල් (100633) හේරත් යන නිළධාරිහු පරික්ෂණ පවත්වති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.