IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කන්කසන්තුරේ වරාය දියුණු කරන්න ඉන්දියාව සමඟ ගිවිසුමක්


කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර ඉකුත් ද ගිවිසුමට අත්සත් තැබිණි. ගිවිසුමට අනුව කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 45.26ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 6.9ක) ණය සහනයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
 
ගිවිසුම වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග සහ ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය එක්සිම් (අපනයන ආනයන) බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ ඬේවිඞ් රස්කුවින්හා යන මහත්වරු අත්සන් තැබූහ. ගිවිසුමට අත්සන් තැබුණේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීය. 
 
කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 වසරේ ජූලි මාසයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 වසරේ ඉන්දියාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් එම ගිවිසුමට අත්සන් තැබිණි.
 
(055)



අදහස් (3)

කන්කසන්තුරේ වරාය දියුණු කරන්න ඉන්දියාව සමඟ ගිවිසුමක්

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 08:57 AM

මේක හරිම කණගාටුදායක තත්වයක්. උතුරේ හැම දෙයක්ම කරන්නේ ඉන්දියානු ආධාර වලින්. එතකොට උතුරේ දෙමළ ජනතාව හිතන්නේ ඉන්දියාව එයාලට හරිම ආදරෙයි කියලා. තිස් අවුරුද්දක් යුද්ධය නිසා දකුණේ ජනතාවගෙන් ඈත් වෙලා හිටපු මේ ජනතාවගේ හිත්වල අපිත් ශ්‍රී ලාංකිකයෝ කියන හැගීම ඇති වෙයිද එහෙම වුනහම​? කලින් පැවති රජයත් මේ වැරැද්දම කළා.

:       0       0

anura Tuesday, 16 January 2018 11:07 AM

දකුණ ( හම්බන්තොට ) චීනයට, උතුර ( කන්කසන්තුරය ) ඉන්දියාවට , බටහිර හා නැගෙනහිර කාටද දෙන්නේ?

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 16 January 2018 12:41 PM

හොඳට තියෙයි, හාවාගේ බෙනේ ඉත්තෑවා රිංගුවා වාගේ.

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site