IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


’’කතෘ සංසද’’ සම්මාන උළෙල අද සවස

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රි ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන   ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන   උළෙලේ 25වෑනි සංවත්සරය  ගල්කිස්ස මහා හෝටලයේ එම්පයර් බෝල් රූම් සලාවේදී අද (07) සවස 6.00ට  පැවැත්වේ.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස විවෘත විශ්ව විද්‍යාලයේ හිටපු නීති පීඨාධිපතිනි මහාචාර්ය සවිත්‍රී ගුණසේකර මහත්මිය සහභාගී වීමට නියමිතය..

එහිදී ශ්‍රී ලංකා කතෘ සංසදය  පිරිනමන ජීවිත කාලයට එක් වරක් පමණක් පිදෙන දීර්ඝ සේවා සම්මානය මෙවර     චන්ද්‍රිකා විජේසුන්දර, එන් එම් අමීන්, යෝගාමුර්ති, බෙනට් රූපසිංහ සහ සනීටා කරීම්  යන ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදීන්ට පිරිනැමේ..

මෙහිදී 2023 වසරේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික පුවත්පත්වල පළ වූ පුවත් සහ විශේෂාංග ඇතුළු කරුණු  පදනම් කරගෙන විවිධ අංශ
සඳහා සම්මාන 51 ක් පිරිනැමේ..

එසේ පිරිනැමෙන සම්මාන අතර වසරේ හොඳම පුවත්පත් නිර්මාණ සැලසුම, හොඳම කාටුන් ශිල්පියා ,වසරේ හොඳම ඡායාරූප ශිල්පී මාධ්‍යවේදියා, වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා , වසරේ හොඳම සෞඛ්‍ය රැකවරණ හා වෛද්‍ය තොරතුරු වාර්තාකරණය, වසරේ හොඳම පරිසර වාර්තාකරු යන සම්මාන වේ.

ඊට අමතරව ප්‍රධාන සම්මාන අතර  වසරේ හොඳම පරිසර වාර්තාකරු ,බී ඒ .සිරිවර්ධන වසරේ හොඳම තීරුලිපිරචකයා, වසරේ හොඳම විශේෂාංග රචකයා සඳහා උපාලි විජේවර්ධන සම්මානය, විශේෂ වාතාවරණයක් යටතේ වාර්තාකරණය සඳහා වූ මහාචාර්ය කේ කෛයිලාසපති සම්මානය ,හොඳම මූල්‍ය හා ව්‍යාපාර කටයුතු පිලිබඳ මධ්‍යවේදියා, වසරේ හොඳම සමාජ සංවර්ධන වාර්තාකරණය සඳහා වූ සුබ්‍රමනියම් චෙට්ට්යාර් සම්මානය, වසරේ හොඳම ගවේෂණශීලී මාධ්‍යවේදියා,, ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා වූ සේපාල ගුණසේන සම්මානය, මහජනයාගේ සහ සහෘදයන්ගේ ඇගැයුමට ලක්වීම සඳහා වූ  ඩී ආර් විජයවර්ධන සම්මානය,වසරේ හොඳම තරුණ මාධ්‍යවේදයාට පිරිනැමේ ඩෙන්සිල් පිරිස් සම්මාන ත්‍යාගය, වසරේ හොඳම ජනමාධ්‍යවේදියාට පිදෙන මර්වින්ද සිල්වා සම්මානය, වේ.

මීට අමතරව හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම සඳහාද සම්මාන පිරිනැමේ.

මෙවර පැවැත්වෙන සම්මාන රාත්‍රියේදී 25 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු කලාපයක්ද නිකුත් කෙරේ..



අදහස් (0)

’’කතෘ සංසද’’ සම්මාන උළෙල අද සවස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site