
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී හෙට (16) තීරණය කිරීමට නියමිතය.
එම කාරක සභාව නියෝජ්ය කතානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (16) පෙරවරු 9.30ට රැස්වේ.
කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මියට පසුගියදා බාර දෙනු ලැබීය.
මෙම විශ්වාසභංග යෝජනාව චෝදනා පනහකින් සමන්විත වේ.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට විශ්වාසභංග යෝජනාවකට වැඩිම චෝදනා ප්රමාණයක් ඇතුළත් කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
විශ්වාසභංග යෝජනාවේ විවාදයට දින තුනක් ඉල්ලා සිටීමට විපක්ෂය බලාපොරොත්තුවේ.
මේ අතර කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සහාය ලබාදීමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd