IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කිත්රුවන් - අෂාන් විශිෂ්ට පිතිහරඹයක

කිත්රුවන් විතානගේ (නොදැවී 157) සහ අෂාන් ප‍්‍රියංජන් (83) පැවැත්වූ අගනා සම්බන්ධතාව නිසා සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ඊයේ (03) ආරම්භ වූ තුන්දින පුහුණු තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 398 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයක පසුවිය.

පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට යොවුන් පිතිකරු කිත්රුවන් විතානගේ පන්දු 157 කදී හතරෙ පහර 17ක් සහ හයේ 2 ක් සමගින් නොදැවී ලකුණු 157 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිලේ කඩුලූ 4 ක් ලකුණු 104 කට බිද වැටී තිබියදී කිත්රුවන් විතානගේ සහ අෂාන් ප‍්‍රියංජන් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 159 ක සම්බන්ධතාවක් පවත්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

අෂාන් ප‍්‍රියංජන් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 117 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 83 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිලේ නායක ඇන්ජලෝ පෙරේරා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

උදාර ජයසුන්දර මුඵ ලකුණු 52 කදී දැවී ගිය අතර ඉදිරි පෙළ පිතිකරුවන් හතර දෙනා විශාල ඉනිම ගොඩනැගීමට අපොහොසත්වීමෙන් ලකුණු 104 කට කඩුලූ හතරක් බිද වැටීමෙන් යම්තරමක අසීරු තත්ත්වයකට පත්විය.

බංග්ලාදේශ 21 හැවිරිදි පිට දග පන්දුයවන ක‍්‍රීඩක සොහග් ගෂි දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 103 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.

අද (04) තරගයේ දෙවැනි දිනයයි. 

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිල

අෂේන් සිල්වා  ඇ. ජවුරුල් ස්ලාම් ප. රුබෙල් හොසේන්    29
උදාර ජයසුන්දර  ප. සොහග් ගෂි    20
ෂෙහාන් ජයසූරිය  ඇ. මහ්මුදුල්ලා ප. එලියස් සනී     26
ඇන්ජලෝ පෙරේරා  ස්ටම්ප් මුෂ්ෆිකුර් රහීම් ප. සොහග් ගෂි    15
කිත්රුවන් විතානගේ  නොදැවී     157
අෂාන් ප‍්‍රියංජන්  ඇ. ජවුරුල් ස්ලාම් ප. සොහග් ගෂි     83
නිරෝෂන් දික්වැල්ල  ඇ. මර්ෂල් අයුබ් ප. සොහග් ගෂි    14
ඉෂාර ජයරත්න  ක. මූ. කළා ප. සොහග් ගෂි    5
දුලංජන් මෙන්ඩිස්  ක. මූ. කළා ප. මහ්මුදුල්ලා     6
ළහිරු ගමගේ  ක. මූ. කළා ප. එලියස් සනී    18
අතිරේක    25
එකතුව  ඕවර 89.5 කදී කඩුලූ 9 ක් දැවී     398

පන්දුවට පහර දීමට සිටින පිතිකරු: කසුන් මධුසංඛ

කඩුලූ වැටීම:
1-52(ජයසුන්දර), 2-83(සිල්වා), 3-104(පෙරේරා), 4-104(ජයසූරිය), 5-263(ප‍්‍රියංජන්), 6-295(දික්වැල්ල), 7-301(ජයරත්න), 8-320(මෙන්ඩිස්), 9-398(ගමගේ)

පන්දු යැවීම:
අබුල් හසන්: 6.0.29.0, රුබෙල් හොසේන්: 17.1.71.1, සොහග් ගෂි: 30.5.103.5, මහ්මුදුල්ලා: 10.0.35.1, එලියස් සනී: 16.5.1.74.2, මොමිනුල් හක්: 3.0.19.0, මොහොමඞ් අෂ්රෆුල්: 3.0.23.0, නසීර් හොසේන්: 4.0.33.0

බංග්ලාදේශ පිල:
මුෂ්ෆිකුර් රහිම්, එනමුල් හක්, මොහොමඞ් අෂ්රාෆුල්, ජහුරුල් ස්ලාම්, මහ්මුදුල්ලා, නසීර් හොසේන්, මොමිනුල් හක්, සොහග් ගෂි, එලියස් සනී, රුබෙල් හොසේන්, අබුල් හසන්

(ඡයාරූප: ශාන්ත රත්නායක)

අෂාන් ප‍්‍රියංජන්ගේ ඉනිමෙන්..

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

කිත්රුවන්ගෙන් ශතකයක්...

 



අදහස් (0)

කිත්රුවන් - අෂාන් විශිෂ්ට පිතිහරඹයක

චානක Monday, 04 March 2013 09:09 AM

කොළඹ 07 රාජකීය විද්‍යාලයේ කොල්ලෙක්... ජය වේවා ! (ස)

:       0       0

දිල්රුක්-දෝහා Sunday, 03 March 2013 10:21 PM

ඔබ දෙදෙනාටම උනුසුම් සුභ පැතුම්. සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.(නදී)

:       0       0

සිල්වා Monday, 04 March 2013 12:05 AM

නවකයින්ට තැන දෙන්න ඕනේ තමයි. පලපුරුදු අය නැතිව ගමන යාම ටිකක් අවිනිෂ්චිතයි.(නදී)

:       0       0

පොඩි පුතා Monday, 04 March 2013 05:15 PM

සුබපැතුම් ඔබට (දී)

:       0       0

යොහාන් Sunday, 03 March 2013 03:45 PM

පුතා කොහොම හරි හොදට ගහලා අර කොන්ත්‍රාත් අත්සන් නොකල ක්‍රීඩකයන්ගේ අඩුව පුරවන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site