
(ප්රසාද් රුක්මල්)
හග්ගල සිල්මියාපුර ඔයෙන් එගොඩවීමට ගිය තිදරු මවක අද (14) පස්වරුවේ සැඩ දියපහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී ඇතයි කැප්පෙටිපොළ පොලිසිය පවසයි .
මැදවෙල උඩුකිද තෙල්හවඩිගම ප්රදේශයේ පදිංචිව සිටි එන්.පී.සීලවතී (43) නැමති තිදරු මවක මෙසේ සැඩදිය පහරේ ගසාගෙන ගොස් අතුරුදන්වී සිටින බවත් පොලිසිය කීය .
කුලී වැඩ කරන ඇය ,සිය වැඩකටයුතු අවසන් වී අද(14) පස්වරුවේ පාගමනින් නිවසකරා යමින් හග්ගල සිල්මියාපුර ඔයෙන් එගොඩවීමට යාමේදි ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමග එක්වරම ගලා ආ සැඩදිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලිසිය සදහන් කළේය .
දැනට පවතින වර්ෂාවත් මෙන්ම සිල්මියාපුර ඔයෙ ජලපහර ඉහල ගොස් ඇති හෙයින් අතුරුදන් මව සෙවීමේ කටයුතු රාත්රි සිදුකිරිමට අපහසු වී ඇති බවත් පොලිසිය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇළ දොළවල් හරහා දෛනිකව ගමන් බිමන් යන බොහෝ පිරිස් ගම්වල ඉන්නවා. කාලගුණය අනුව එම ජල මාර්ග හැසිරෙන ආකාරය ගැනත් හුඟ දෙනෙක් දන්නවා. දෙන අවවාද, උපදෙස් සහ අනතුරු ඇඟවීම් සමහර අය ගණන් ගන්නේ නැහැ. අලුත්වැඩියා කරන්න බැරිව අහක කරලා තියෙන දුම්රිය මැදිරිවල බඳ කොටස බොහොම ශක්තිමත්. කිසිම ප්රයෝජනයකට ගන්නේ නැතිව ඔහේ දිරාපත් වෙන්න ඇරලා තියෙනවා. ඒවා භාවිතා කරලා මෙවැනි ප්රදේශවල එගොඩ මෙගොඩ යන්න පොඩි පාලම් හැදුවොත් නරකද?