‘දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ 27 දින මැච්චේ උදේ කාල මැච්චේ ඉද තබාලා රෑ මැච්ච මන්දො වෙනකම් කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ මන්දො කරනවා’ දඹාන ගුරුකුඹුර ආදිවාසි ගම්මානයේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආදිවාසි අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණේ ඔවුන්ගේ වරිගයට ආවේනික වු අංග හා ක්‍රිඩා රාශියක්ද එක්කරමිනි.
බක් මහේ සුවඳ නිමාවන්නට දින කිහිපයක් තිබුණද ආදිවාසින්ගේ බක් මහ උළෙල වැදගත් වන්නේ එය ඔවුන්ගේ පරම්පරාවේ සාරධර්ම, සංස්කෘතියට අනන්‍ය වු ආකාරයෙන් සංවිධානය කර තිබීමයි.
එම තරඟවලින් කිහිපයක් ගම ගෙදරින් වෙද ගෙදරට, ආදිවාසී හොඳම රැවුල තේරීම, කිරි කොරස් නැටීම, දුනු ඊතල විදීම, ගල්දුන්නෙන් විදීම, ආදිවාසී කැකුළා හා කැකුළිය තේරීම, හබක ඇට වීම, උගුල් ඇටවීම, ආදිවාසි ජන ගායනා, ආදිවාසි නැළවිලි ගී, වළස් පොරය, කඹ ඇදීම, දිගම හුව තේරිම, වී ඇට ඇහිදීම (දෙපටුල්ලන් ඇහිලීම) , ටික් මැරිම, බඹර කැපිම (කද පල්ලී කද හරිනවා), ලීයෙන් පොල්ගෑම, (රුකන් පොජ්ජෙන් කිරි ගෑවුම් පොජ්ජ මන්ද කරනවා) හා ඉක්මනින්ම තලප කෑම ඇතුළු තරග රාශියක් මෙම ආදිවාසි අලුත් අවුරුදු මංගල්‍යට ඇතුළත් කර තිබිණි.
උත්සවය සඳහා කොළඹ, කෑගල්ල, මහනුවර, මහියංගන හා දඹාන අවට ගම්මාන වල ව්‍යාපාරිකයන් හා හිතවතුන් තෑගි බෝග ලබා දෙමින් හා මුල්‍ය අනුග්‍රහය ලබා දෙමින් උදව් උපකාර සිදු කළ බව ආදිවාසි නායක වන්නිලා ඇත්තන් ප්‍රකාශ කර සිටියේය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ කොටබකිනියේ