මිනිස් ආහාරයට නුසුදුසුයැයි තීරණය කොට වළ දැමීමට නියම කළ අර්තාපල්වලින් පැටිස්, මාළුපාන්, එළවළු රොටී හා අල හොදි ආදිය හැදූ බව කියන හෝටල තුනකට අද (6) සිල් තැබූ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා තවත් කඩ 10කට එරෙහිව නඩු පවරන ලෙස නිලධාරීනට නියෝග කළේය.
කුණු අල සුද්ධ කරමින් සිටි තැන් ද, කුණු අල තම්බා තිබූ තැන් ද වැටලූ බව පුරපති කියයි.
අඩුමුදලට දුන් නිසා අර්තාපල් මිලට ගත් බව හෝටල් හිමියන් කියා ඇත.
දරුවන් සමග එම හොටල්වලින් කෑම කිමන් සිටි අය ඇමතූ පුරපතිවරයා එම ආහාර නොගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.
හොඳ අල කිලෝවක් රුපියල් 85කි. කුණු අලවලින් තෝරාගත් අල කිලෝව රුපියල් 25කි.
තමනට අවශ්‍ය ප්‍රමාණය දැන් වූ විට ත්‍රීරෝද රියකින් ගෙනැවිත් දෙන බව ද මේ වැටලීමේදී සොයා ගැණිනි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කුණු අල හොදි හැදූ හෝටල් තුනකට සීල්
වසන්ත Sunday, 06 January 2013 08:15 PM
දහස් ගණන් මිනිසුන් රැස්වෙන පුදබිමේ මෙවන් මිනිසුන් කොයිබටද යන්නේ? (නි)
දුසන්ත යග්ගහවිට Sunday, 06 January 2013 08:41 PM
මෙතුමාව ආදර්ශයට අරන් අනෙක් නගරාධිපතිවරුත් මේ වැඩේ පටන්ගන්න. (නි)
ෂෙරීෆ් Sunday, 06 January 2013 10:03 PM
කරන දෙයක් පරිස්සමින් කරන එක කෝකටත් හොදයි. (නි)
සිල්වා Monday, 07 January 2013 02:03 AM
මේ කඩ රාජසන්තක කරන්න. (නි)
අමිල කටුනායක Sunday, 06 January 2013 02:13 PM
පුරපතිතුමා සාධාරණ වූවා නම් එතුමාට අපගේ ප්‍රණාමය! (නි)
ලලිත් - කටාර් Sunday, 06 January 2013 02:16 PM
මැතිදුණි, ඔබතුමාගේ මගපෙන්වීම සැමටම යහපතක්ම වේවා! (නි)
ජේමිස් Sunday, 06 January 2013 02:24 PM
කඩ හිමියන්ටම කවන්නයි තියෙන්නේ. (නි)
සුදේශ් Sunday, 06 January 2013 03:03 PM
හොදම වැඩේ (නි)
ටානියා Sunday, 06 January 2013 03:28 PM
මිනිස්සු බඩ ගින්නටයි කන්න එන්නේ, පිරිසිදුව දෙන්න (දී)
චරිත් Monday, 07 January 2013 09:32 AM
මෙන්න නියම නගරාධිපතිවරු. කොන්ද පන තියෙන මිනිසෙකි ඔබ. වෙන අය නම් කරන්නේ අපි එනවා මේ වෙලාවට, සීල් තියනවා මේ ගාන දීපන් කියලයි... ඔබට ජය!
නිත්‍යා Monday, 07 January 2013 10:24 AM
නැවත කිසි දා මෙම හෝටල් විවෘත්ත කරන්න අවසර දෙන්න එපා. (ස)
ජීව Sunday, 06 January 2013 07:44 PM
පුරපතිතුමනි, වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න. (නි)