IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොණ්ඩෙ නැත්නම් දිලිනි කෙනෙක් නෑ

2008, ස්වාධීන රූපවාහිනිය මෙහෙයවූ අවුරුදු කුමරිය තරගයෙන් අවුරුදු කුමරිය ලෙස කිරුළ හිමිකරගත් ඇය එතැන් සිට ටෙලිනාට්‍ය රංගනයට පිවිසියාය. දිගු වරලස, සුන්දර සිනාව, අහිසංක පෙනුමැති දෙනෙත ඇයට ආභරණයක් බව සැබෑව. එහෙත් ඇයට රඟපෑමේ අවස්ථා ලැබී ඇත්තේ අවුරුදු  කුමරිය හෝ මේ සුන්දර දේවල් නිසාම නොවේ. දක්‍ෂතාවය ඒ සියල්ලට වඩා ඉහළින් තිබීම නිසාය. ජානක සිරිවර්ධන නිර්මාණය  කළ ”පිනි බිංදු” (දෙරණ ටීවී) සමග රූපවාහිනී තිරයට ආ ඇය දිලිනි ලක්මාලි තිරිමාන්නය. අද අපට  නිරන්තරයෙන් හමුවන මේ රුවැත්තිය සමග පිළිසඳරකට එක් වෙමු.


දිලිනි ඔබට ගුවන් සේවිකාවක වීමේ අරමුණක් තිබුණලූ නේද?
 ඔව්,  ඒ හීනය තිබුණා.


 ඇයි ඒ හීනය වෙනස් වුණේ?
පුංචි කාලයේ ඉඳලාම එක එක අරමුණු තියෙනවානෙ. පුංචි කාලයේ ඉඳලාම මම ගොඩක් ආසා කළේ ගුවන් සේවිකාවක වීමටයි. කොච්චර ආසද කිව්වොත් ගුවන් සේවිකාවන්ගෙ පිංතූර පවා එකතු කළා.

 

එතකොට ඒ අරමුණ වෙනස් වුණේ ?
මම හිතන්නෙ අපට උරුම දෙයක් ඇති. දෛවය ලබා දෙන්නෙ ඒ උරුම දේ නම් අප ඊට ගරු කළ යුතුයි. අද මම රඟපෑම කරන්නේ උපරිම ගරුත්වයකින්.

 

රඟපෑම නොදැන ආ ඔබට කොහොමද රඟපෑම පහසුවක් වුණේ?
පාසල් කාලයේදී නාට්‍යවලට සහ විවිධ ප‍්‍රසංගවලට ඉදිරිපත්වුණා. ඒ උනන්දුව මාව දිරිමත් කළා. ඒ නිසා චකිතයක් තිබුණේ නැහැ. ”පිනි බිංදු” චරිතය සමග රංගනය ගැන බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. ජානක සිරිවර්ධන මහතා ඇතුළු ප‍්‍රවීණයින් මට බොහෝ දේ කියා දුන්නා ”පිනි බිංදු” තමයි රංගනය ගැන උනන්දුව  වැඩි කළේ.

 

අද රඟපෑම ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
හැදෑරීම් කළ යුතු දෙයක්. ලැබෙන චරිතයට උපරිම දෙයක් කිරීම අරමුණයි.

 

රූපවාහිනියේ /තිරයේ රඟපෑම ලෙහෙසිද?
එහෙම නැහැ.  මම රූපවාහිනියට අමතරව චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයේ මහින්දාගමනයේ සුළු චරිතයක්, ප‍්‍රතිරූ චිත‍්‍රපටයේ චරිතයක් කළා. වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ, සුනිල් චන්ද්‍රසිරි මහතා අධ්‍යක්‍ෂණය කළ සිහිනවලට පාට දෙන්න නාට්‍ය රඟපා 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය වුණා. මේ සියල්ල එකිනෙකට වෙනස් අංශ වුවත්, මානසික ඒකාග‍්‍රතාවය බෙහෙවින් බලපාන දෙයක්. රඟපෑම  අවබෝධයෙන් සහ හැකියාවෙන් කළ යුතු දෙයක්.

 

රඟපෑමේදී දිගු වරලස ඔබට ආභරණයක් වුනාද?
නිළියකට බොහෝ විට එවැනි දේ ආභරණයක් වන බව ඇත්ත. හැබැයි සමහරු විහිළුවට කියන්නෙ කොණ්ඩෙ නැත්නම් දිලිනි නෑ කියලයි. හැබැයි ඉතිං රඟපෑම කියන්නෙ කොණ්ඩෙවත් බාහිර පෙනුමවත් නොවෙයි. ප‍්‍රධානම දේ දක්‍ෂතාවයයි.

කොණ්ඩෙ හොඳට තියාගන්න මොනවද කරන සාත්තු?
අම්මා හොඳට තෙල් ගාලා පිරල දෙනවා. එච්චරයි.

 

චරිත ලැබීමේදි දිගු කොණ්ඩය නිසා ඊට ලැබෙන තැන මොන වගේද?
බොහෝ විට ලැබෙන්නෙ ගැමි චරිත. ඒ නිසාම එක වෙලාවකට හිතෙන්නෙ එක රාමුවකට කොටුවෙලා ද කියලයි. මෑතකදී රඟපෑ  ”පුරකලනි” ඒ පෙනුම වෙනස් කළා. එහි මාගේ දිගු කොණ්ඩය වෙනුවට තියෙන්නේ බටහිර  තරුණියකගේ වගේ දුඹුරුවන් කෙටි විලාසිතාවක්.

 

අද ඔබ රඟපාන වෙනත් චරිත මොනවාද?
චන්දන හේවා පතිරණගේ ”මෙහි කුණු දැමීම තහනම්” නාට්‍යයේ රඟපානවා.

 

පසුගිය කාලයේදී  දිලිනි ගැන වැඩිපුරම කතා කළේ?
නිල්නෙතු, උත්පලා, පිනි අග පුලිගු, කිරිකවඩි, රන්නාලි වලව්ව යන නාට්‍යවල රඟපෑවා. නිල්නෙතු  කිරිකවඩි නාට්‍යවල රඟපෑ චරිත ගැන බොහෝ දෙනා වැඩිපුර කතා කළා.
 


”සුරකලනි” චරිතය ගැන ඔබ විශේෂයෙන් කතා කළා. ඇයි ඒ.
ඒක දීර්ඝව විකාශය වන චරිතයක්. පාසල් කාලයේ ඉඳලාම මම තරුණ මවක්. ඒ විදියට තමයි චරිතය ගෙවී යන්නේ. ශෂී විරවංශ මහත්මියගෙ කතාවකට අනුව ප‍්‍රසන්න ඉත්තෑපාන සහ ලසංක මධුසංක නිර්මානය කරන මෙය මට ලැබුණු විශේෂ  චරිතයක්.

 


වත්මනෙහි ”ටෙලි නිළිය” කියන චරිතය හරිම සුලබයි. ඒ සුලබ බව අතරින් වටිනාකමක් ගන්න මොනවගේ දෙයක් කළ යුතුය කියාද හිතන්නේ.?
මේ ක්‍ෂේත‍්‍රයට දුක් විඳලා මහන්සියෙන්, කැපවීමෙන්, ආදරයෙන් එන අය එහි වටිනාකම දන්නවා. ඒ අය රංගන ශිල්පිනියක් ලෙස මෙතැනට ආදරය ගෞරවය කරන අය නිසා ඒ සියල්ලට හානියක්  වන විදියට කටයුතු කරන්නේ නැහැ. නිළිය කියන කෙනා ඊට වඩා වෙනස්. එයාලා  නිකම්ම නිළියම තමයි.
 


ඔබ කොහොමද කටකතාවලට මුහුණ නොදී ජීවත් වන්නේ?
කටකතා හදන මිනිස්සු ඒවා කරන්නෙ තමුන්ට වින්දනයක් ලබාගන්නයි. එය පහත් වින්දනයක්  වෙන්න පුළුවනි එවැනි චරිත සමාජයේ සිටිනවා. ඒත් අපි හරියට ඉන්නවා නම් කාටවත් කතා හදන්න බැහැ. දිගටම ක්‍ෂේත‍්‍රයේ රැඳෙන්න නම් අප සැබෑ ලෙස ජීවත් වෙන්න  ඕනෑ. රඟපෑම නිසා අනෙක් අයට වින්දනයක් දිය හැකියි. එය අප ලබන පිනක්. ඒ පිනට ගරු කළ යුතුයි.
 

දිලිනි ගැන කෙටියෙන්

ගම : උපන්නෙ කලපළුවාව,රාජගිරිය.
දැනට පදිංචිය : කොස්ගම.
පාසල : කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ සහ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා
ලග්නය : තුලා
වයස : අවුරුදු 22යි
පවුලේ විස්තර : අම්මා -  තාත්තා සහ මල්ලී


 ළඟදී විවාහ වෙන්න යන බවටත් ආරංචියි. ?
ඔව් ආදරය හොඳට දැනෙන කෙනෙක්. පශිරංග චික‍්‍රමසේකර තමයි ඒ අදරය ගෙනාවෙ. එයත් මේ ක්‍ෂේත‍්‍රයේම සිටින්නේ. ලබන වසරේ බොහෝ දුරට අපේ විවාහය සිදුවේවි.
 


”දිලිනි” ඔබ කොහොම කෙනෙක්ද?
පාඩුවේ සිටින කෙනෙක් පවුලේ අය එක්ක සතුටින් ඉන්න කැමති කෙනෙක්. මේ ගමනට අඩි තාලම ලබා දුන්න සන්ධ්‍යා මෙන්ඩිස්, ජානක සිරිවර්ධන, රවින්ද්‍ර විජේරත්න, තරංග දිසානායක ඇතුළු බොහෝ දෙනාට මගේ ගෞරවය පුදන්න  ඕනෑ.

 

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 



අදහස් (0)

කොණ්ඩෙ නැත්නම් දිලිනි කෙනෙක් නෑ

ලංකා Monday, 07 January 2013 11:11 AM

සුභපැතුම් ඔබට අපෙන් (දී)

:       0       0

තරංග Tuesday, 22 January 2013 11:01 AM

ඔයාගේ ජිවිතෙන් අපි‍ට ගන්න දෙයක් තියෙනවද ?(ස)

:       0       0

ශානිකා Friday, 11 January 2013 12:39 PM

අනේ කොණ්ඩෙනම් කපන්න එපා (ස)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 11:12 PM

තිලිණිට අමතක උනාද සහන් විජේසිංහගේ කප්සුවහස්කල් ටෙලි නාට්‍යෙය් පියුමි ගෙ හරි අහිංසක හෙදියගේ චරිතය..!(නු)

:       0       0

කොලොන්න Wednesday, 09 January 2013 04:40 PM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

මාටින් Thursday, 10 January 2013 05:58 AM

ඇයි අපිත් ආදරෙයිනේ. (නි)

:       0       0

ගලබඩ Monday, 07 January 2013 07:18 PM

ඔබ ඇපල් මලක් වාගේ ලස්සනයි නංගියේ. (නි)

:       0       0

හේමන්ත Monday, 07 January 2013 03:51 PM

මම ඔබේ අනාගතයට සුභපතනවා (දී)

:       0       0

වීර Friday, 18 January 2013 04:50 PM

ලස්සනයි. (නි)

:       0       0

හිල්ම් Monday, 07 January 2013 03:31 AM

ඔබට ලස්සන අනාගතයක් තියෙනවා (දී)

:       0       0

විල්මා Sunday, 13 January 2013 04:41 AM

ඔබ දක්ෂ මෙන්ම ලස්සන වනිතාවක්. ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

ප්‍රියදර්ශනී Thursday, 17 January 2013 01:13 PM

ඔබේ කොණ්ඩෙත්, රගපෑමත් සේරම ලස්සනයි. සුභ පැතුම්! (නි)

:       0       0

චින්තන Wednesday, 23 January 2013 02:09 PM

"අම්මා හොඳට තෙල් ගාලා පිරල දෙනවා. එච්චරයි." ඔය අම්මා ගාන තෙල මොකක්ද කියලා අනෙක් කාන්තාවන්ටත් කිවු‍වොත් නේද හොද? (නි)

:       0       0

සුදේශ් Wednesday, 09 January 2013 10:35 AM

අපි ඔයාට ගොඩක් ආදරෙයි (ස)

:       0       0

තරංග Monday, 07 January 2013 05:05 PM

මම සුභපතනවා

:       0       0

කුමාර Tuesday, 08 January 2013 09:45 PM

ලස්සන කියන්නේ මොකක්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

පිටිගල Sunday, 06 January 2013 05:44 PM

හන්තානට පායන සද මෙන් ඔබ හරිම ලස්සනයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 09 January 2013 06:39 PM

සුභපතනවා මම ඔබට (දී)

:       0       0

කුමාර Friday, 18 January 2013 03:08 PM

ඔබට සුබපතනවා මම (දී)

:       0       0

නිත්‍යා Monday, 07 January 2013 10:44 AM

ඔබේ ඉදිරි ගමන වාසනාවන්ත වේවා!

:       0       0

තිලංක Wednesday, 09 January 2013 07:10 PM

පිනිබිංදු නාට්‍යයේ ඔබේ රංගනය විශිෂ්ටයි. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site