
( ඩී.ඒ. පතිරණ)
දෙයියන්දර අතපත්තුකන්ද ප්රදේශයේ නිවසක සඟවා තිබූ කඩු 10 ක් සමඟ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවට දෙයියන්දර පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙයියන්දර ,අතපත්තුකන්ද ප්රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය පැවැසීය.
පොලිස් නිළධාරින්ට ලැබුනු තොරතුරකට අනුව ඊයේ (17) වන දින කරන ලද වැටලීමකදී කිවසක නිදන කාමරයක තිබූ ඇදක් යට සගවා තිබියදී කඩු දහය(10) සොයා ගත් බවට පොලීසිය පැවැසීය.
එක් කඩුවක් අඩි 2.5 ක් දිගින් යුතු බවටත් එවැනි කඩු දහයක් සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන තිබුණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.