IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කඩ ඉම පනින්න හාර ලක්ෂයක්

දිවයිනේ මධ්‍යස්ථාන 4500 කදී  පමණ පහේ සිසුහු තුන් ලක්ෂ අසූපන්දහසක්  පමණ අද පෙරවරු 9.30 ට පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිති.

විභ්‍යවතාමාන හා බහුවරණ වශයෙන් ප්‍රශ්ණ පත්‍ර දෙකකි.

ජනප්‍රිය පාසැල් වලට සිසුන් තෝරා ගැනීමේ කඩඉම් විභාගය මෙය වෙයි.

r4

6t 7kk rr rrr1 rrrr

වීඩියෝ දීපාල් සිල්වා



අදහස් (0)

කඩ ඉම පනින්න හාර ලක්ෂයක්

නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 18 August 2014 03:37 AM

ඇද හොයන එක ස්ටැන්ලි මහත්තයලා කරයි. (ගියපාර නම් ප්‍රශ්න පත්තර පිට වුන කථාවක් කියලා නා ගත්තා) අපිට තියෙන්නෙ සුභ පතන්න. (නදී)

:       0       0

ජයන්ත Sunday, 17 August 2014 11:33 AM

බන්දුල පෙරේරාගේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිපල කොහොමද දන්නේ නැහැ. කුහක නැතිව මේ ළමයින්ට සුභ පතන්නකෝ බන්දුල . අපි නම් ඔන්න සැමට ජය පතනවා. (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 17 August 2014 03:47 AM

මගේ ළමයත් අද විභාගෙට වාඩිවෙනවා.දරුවට හොඳින් විභාගයේ වැඩකටයුතු කරගන්න තිසරණ සරණේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 17 August 2014 01:32 PM

ජයන්ත මහත්තයෝ..කුහක කමට කියන දෙයක් නෙමෙයි..ඔබ තුමා දන්නවද පහ වසරේ ශිෂත්ව පන්තියට ළමයි ගන්නේ දෙක වසරේ ඉදල කියල..ඒකට ගන්නෙත් විභාගයක් තියල.පහේ ශිෂ්‍යත්වේ කට්ටියකට දැන් හොද ඉල්ලමක්..ගරන එක ගරනවා පරම්පරා හතකට...මේක දැන් අම්මලාගේ විභාගයක් වෙලා තියෙන්නේ.. දෙක වසරේ ඉදල පොඩි එවුන්ගේ ළමා කාලය විනාශ කරලා හරක් ගාල් කරනවා වගේ ටියුෂන් මඩු වලට ගාල් කරන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන..මාත් ඕක පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් කොලබ ඉස්කෝලෙකට ගිහින් ඉගෙන ගත්ත කෙනෙක්..අපේ කාලේ මේ විගඩම් තිබුනේ නැහැ.මේක දැන් ළමයි වෙළද භාණ්ඩයක් කරගෙන කරන මහා පරිමාන ව්‍යාපාරයක්. (දී)

:       0       0

ගයනි Sunday, 17 August 2014 04:07 AM

ඉසුරන්දි ගේ දරුවාට ජය පතනවා. ඒවගේම මේ විභාගයට මහන්සි වෙලා සාධාරණව ඉහලින් සමත් වෙන දරුවන්ට ජනප්‍රිය පාසල් ලැබෙද්දී අසාධාරණ නොවේවා කියලාත් පතනවා. දේශපාලක ලැයිස්තු වලින් දාපු ළමයින් නිසා ඇතැම් දරුවන්ට ජනප්‍රිය පාසල් වල ඉඩ මදි වුනා කියලා පසුගිය කාලයේ ආරංචි වුනා. (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 17 August 2014 01:55 PM

මමනම් දරුවාගේ ඔලුවට බරක් දුන්නේ නැහැ. එයා පාස් උනත් නැතත් හැමවිටම උපදෙස් දුන්නේ පාසලේ වාරවිභාගයක් සේ හිතලා වැඩ කරන්න කියලයි. නමුත් ඕනෑම දෙමපියෙකුගේ යටි හිතේ යම් බලාපොරෝතුවක් තියෙනවා තමන්ගේ දරුවා ඉහලින් පාස් වෙනවා දකින්න. මටත් ඒ අහිංසක හැගීම නැතුව නොවෙයි. (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 August 2014 05:15 AM

හැමෝටම සුබ පතනවා . හැබැයි මේ විභාගේ නවත්තල දාලා 8 වැනි පන්තියේදී විතර තරඟ විබාගයක් තිබ්බනම් ළමයින්ටත් තේරුම් බේරුම් තියෙනවා නේද ? (දී)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Monday, 18 August 2014 09:12 AM

මගේ පුතා කිව්වා අමාරු නැහැ කියලා. ඒත් ඉතින් ප්‍රතිඵල එනතුරු කියන්න බැහැ කොහොමද කියලා. (නි)

:       0       0

මිලානො ජයන්ත Sunday, 17 August 2014 06:38 AM

ඔව් ඉසුරන්දි ඔබගේ වගේම සියලු විබාගයට වාඩිවන දරුවන්ගෙ දේමාපියන්ගෙ හදවත්වල සතුටුමල් පිපේවා. (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 17 August 2014 06:39 AM

අම්මල හාර ලක්ෂයක් දිවා රාත්‍රී නොබලා අවරුදු තුන හතරක් ටියුෂන් මස්ටර්ලගේ පස්සේ බඩ ගාල ඉතාමත් වෙහෙස මහන්සියෙන් පාඩම් කරලා අද විභාගේ ලියනවා.මම අම්මලට සුබ පතනවා.. (දී)

:       0       0

අබු ඩාබි පොඩ්ඩා Sunday, 17 August 2014 06:41 AM

ඉසුරන්දි ඔයාගේ හිතේ තියන ඒ පැතුම වගේම ලක්වැසි සියලුම පොඩ්ඩන්ට හොදින් කඩ ඉම ජය ගන්න තෙරුවන් සරණ ලැබේවා කියා මා ප්‍රර්ථනා කරනවා....ජයවේවා දුවේ ,පුතේ .... (දී)

:       0       0

කමල් Sunday, 17 August 2014 09:25 PM

බන්දුල, ඔයා කියන දේ මේ රටේ හැමෝම දන්නවා. මේ අවස්ථාවේ හැටියට විභාගයට වාඩිවෙන දරුවන්ට ජය පතනවා මිසක් ඇද හොයලා වැඩක් නැහැනේ. (නි)

:       0       0

නෙළුම් Sunday, 17 August 2014 08:56 AM

බොහොම කලකට කලින් න් මමත් මේ විභාගයට ලියලා ජය ගත්තා. අපිට නම් කිසිම පීඩනයක් තිබුනේ නැහැ. අමතර පන්ති යවන්න කියලා අම්මලාට තෙහෙට්ටු වුනෙත් නැහැ. පාඩම් කරන අතරේම විනෝද චාරිකා පාසලේ බාහිර වැඩ, සියල්ලටම සහභාගී වුනා. දැනුම බෙදා ගත්තා. අපේ අම්මලා ට අනිත් දරුවන් ගැන කුහක කමක් හිතේ තිබුනේ නැහැ. මට නම් පහේ ශිෂ්‍යත්වය ගැන තියෙන්නේ බොහොම සුන්දර මතකයක්. ඉසුරන්දි ගේ දරුවා ඇතුළු සැමට ජය පතමි. (නදී)

:       0       0

චමින්ද Sunday, 17 August 2014 11:02 AM

අපේ හිතවත් ඉසුරන්දිගේ දරුවා ඇතුළු සියලු දරුවන්ට සුබ පතමි! මමත් ඔය විභාගෙට ලිව්වා......ගොඩ යන්න නම් බැරිවුනා.......ඒ වගේම, අම්මලාටත් සුභ පතන්න ඕනේ.මොකද ගොඩක් අම්මලත්, ඔය විභාගයට වාඩි වෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site