(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මත් ද්‍රව්‍ය වැටලිමකට එක්වි සිටි පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින්ට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයෙදී පිරිසක් එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත.
පුත්තලමේ සිට කොට්ටුකච්චිය ප්‍රදේශයෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගැනිමට පැමිණ අදාල සැකකරුවන් යතුරු පැදිවලින් රැගෙන යමින් සිටියදි මහ මග රැදි සිටි තරුණයන් පිරිසක් සිවිල් ඇදුමින් සිටි පොලිස් නිළධාරින් සමග බහින් බස් විමක් ඇතිව තිබු බව කියයි.
එයින් පසුව මෙම සැකකාර තරුණයන් පිරිස සිවිල් ඇදුමින් සිටි විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින්ට යකඩ පොලු හා ලි මුගුරුවලින් අමානුෂීක ලෙස පහර දී ඇති බව කියයි.
මෙසේ ප්‍රහාරයට ලක්වු පොලිස් නිළධාරින් කඩිනමින් 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබු බව කියයි.
පුත්තලම රෝහල බලධාරියෙක් පවසා සිටියෙ පහර කෑමට ලක්වු පොලිස් නිළධාරින්ට මූලික ප්‍රතිකාර ලබා දිමේන් පසුව වාට්ටු වෙත නේවාසික ප්‍රතිකාර සදහා යොමු කල බවයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කුඩු අල්ලන්න ගිය පොලිසියට කුඩ්ඩන්ගෙන් ප්‍රහාරයක්
Bamunuarachchi Sunday, 11 September 2022 08:01 AM
කුඩ්ඩන්ටත් ඒ වගේ දෙගුණයක් සලකලා පොලිසියට ගන්න ඇවිත් තුවාල කරගත්තා කියන්න. පොලිස්සියට ඕවත් වැඩද?
යෝගා Sunday, 11 September 2022 09:12 AM
කට්ටියම ආයුධ පෙන්නන්න එක්කන් යන්න...
ganegoda Sunday, 11 September 2022 11:52 AM
පොලීසියට ප්‍රහාර දෙන උන්ට වෙඩි තියපියව්. පලායන රථවාහන සහ පොලීසියට ප්‍රහාරදෙන සියලු දෙනාම මේ දඬුවමට යටත් විය යුතුයි.
Perera Sunday, 11 September 2022 02:29 PM
මේ දවස්වල පොලිසියෙන් ජනතාවට කරන හිරිහැර වල හැටියට නම් ගුටිකෑවත් කමක් නැහැ කියලත් හිතෙනව.
ganegodaSunday, 11 September 2022 03:26 PM
පාලකයන්ගේ සහ අණදෙන උසස් නිලධාරීන්ගේ එවැනි නියෝග ක්‍රියාත්මක කිරීමට සේවකයින්ට දොස් කියන්න බැහැ නේද?