(යොහාන් භාසුර සහ පුෂ්ප කුමාර මල්ලවආරච්චි)
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විදුලි සේවක සංගමයක සාමාජිකයකුට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධිය දැඩි පිළිකුළෙන් හෙළාදකින බව ලංකා විදුලිබල මණ්ඩල ජාතික සේවක සංගමයේ ලේකම් අජිත් දේවප්‍රිය මහතා අද (19) පැවසීය.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අජිත් දේවප්‍රිය මහතා එසේ පැවසීය.
“මරන්න බයත් නෑ, මැරෙන්න බයත් නෑ. ඉතිහාසය මතකද?’ යැයි ජයලාල් මහතා විමසා ඇති බව කී අජිත් දේවප්‍රිය මහතා විදුලි බලමණ්ඩල සේවකයෙක් සහ රංජන් ජයලාල් මහතා අතර ඇතිවූයේ යැයි කියන දුරකථන සංවාදයක හඩපටයක් ද මාධ්‍යයට ඉදිරිපත් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසි නායකයන් මෙවැනි තර්ජනයක් කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් මෙවැනි තත්වයක් ඔවුන්ගේ ජනතාව බලාපොරොත්තු නොවන බවත් ඒ මහතා කීය.
ඔවුන්ට මේවා හුරුයි , ඒවට බය නෑ යැයි නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසූ බවත් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට බිය වීමට ඔවුන් පහරදීමකට නොමිණි බවත් දේවප්‍රිය මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඇහුම්කන්දී ගැටලු විසඳන්නේ නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බව අජිත් දේවප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කඩුවෙල නගරාධිපති රංජන්ගෙන් විදුලි සේවකයන්ට තර්ජනයක්