
(ගයාන් සූරිය ආරච්චි සහ ගණිඳු රෝචන සමරතුංග)
කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15) හමුවූ බව කඩවත පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා අවුරුදු 78ක් පමණ වන වයෝවෘද්ධ පුද්ගලයෙකු බව පොලීසිය කියයි.
එම මළ සිරුර ආසන්නයේ මුදල් කීපයක් සහ මානසික රෝගීන් සඳහාලබා දෙන බෙහෙත් පෙති කිහිපයක්ද හමු වූ බව පොලිසිය කියයි.
ගිනි ඇවිලි මිය ගිය පුද්ගලයා ආසන්නයේ ලඳු කැලෑවේ කොටසක්ද ගින්නෙන් විනාශ වී තිබුණු බව පොලිසිය පවසයි.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට ගිනි තැබුවේද නැතිනම් සිය දිවි හානි කර ගැනීම සඳහා සිදුකළ ක්‍රියාවක් ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් පැමිණ ස්ථාන පරීක්‍ෂණ සිදු කළඅතර පොලිස් නිල සුනඛයෙකුද රැගෙන විත් විමර්ශන සිදු කරනු ලැබීය.
අධිකරණ වෛද්‍ය නිලධාරී පැමිණ දේහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දේශාල් පෝල් මහතා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබීය.
කැලණිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී අර්ජුන කොඩිකාර මහතාගේ මෙහෙයවීම මත කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
209
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්