ජල ගැලීම් හේතුවෙන් නැවත භාවිතයට ගත නොහැකි ලෙස විනාශ වූ රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදී විදුලි උපකරණ ප්‍රතිචක්‍රීකරණ ආයතන වෙත ලබාදීමට පියවර ගන්නා බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
මෙම උපකරණ පරිසරයට මුදා හැරීම සුදුසු නොවන බව කී අමාත්‍යවරයා ඒවා නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බව සඳහන් කළේය.
එබැවින් ඒවා කැලි කසල ලෙස බැහැර නොකරන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද(26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.