(රෝෂන් තුෂාර)
විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(08) නියෝග කළේය .
වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අසංක සංජීව බණ්ඩාර නමැති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකරුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේද නඩු 21 ක් පවතින බවට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබන 21 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන ලෙසට බන්ධනගාර අධිකාරියට නියෝග කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෝටි10ක් වංචා කළැයි හිටපු කොස්තාපල් රිමාන්ඩ්
dds Tuesday, 08 April 2025 06:21 PM
ගුරා හිටගෙන හිටපු ජනාධිපති ආරක්‍ෂක අංශ ගෝලයො දුව දුව ... ඔන්න රටට හරිගිය හේතු ...