IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝටි 47ක් වටිනා කිරිපිටි සත්ත්ව ආහාරවලට විකුණලා

(ජේ.කේ.එල්. චාමින්ද)

නුවරඑළියේ පිහිටි  අඹේවෙල  කිරි කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කොට තිබු රුපියල් මිලියන 475.2ක් වටිනා කිරිපිටි  කිලෝග්‍රැම්  720,000ක  ප්‍රමාණයක් මිනිස්  පාරිභෝජනයට නුසුදුසු බැවින් 2018  වර්ෂයේ සිට 2022 දක්වා අතර කාලය තුලදි  සත්ත්ව ආහාර ලෙස   අලෙවිකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය  මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

 මිනිස් පරිභෝජනයට නුසුදුසු  කිරිපිටි නිෂ්පාදනයට වගකිවයුතු  නිලධාරින් සම්බන්දයෙන් කිසිදු පරික්ෂණයක් පවත්වා නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 විනය පරික්ෂණයක් පවත්වා  මේ සදහා වගකිවයුතු  පාර්ශවයන්ගෙන් සිදුවි ඇති පාඩුව අයකරගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

 කර්මාන්තශාලා නවිකරණ ව්‍යාපෘතිය යටතේ  නව යන්ත්‍රාගාරය සවිකිරිමෙන් පසු  2017 වර්ෂයේ දි නිෂ්පාදනය කළ කිරිපිටි කිලෝග්‍රැම් 771,652, ක් දෝෂ රහිත බවට පරික්ෂණ වාර්තා නිකුත්කොට තිබුණි.

මෙකි කිරිපිටි තොගය මිනිස් පාරිභෝජනයට නුසුදුසු බවට  පාරිභෝගික පැමිණිලි හේතුවෙන් නැවත ගබඩාව වෙත  ගෙන්වා ගෙන තිබුණි. සත්ත්ව අහාර සදහා අලෙවිකිරිමෙන්  පසු ඉතිරි කිරිපිටි කිලෝග්‍රැම් 561,264 2022 වර්ෂයේ  දෙසැම්බර් මස 31 දින වනවිට අඹේවෙල ගබඩාවේ ගබඩාකර තිබුණි.

 මේ පිළිබද එම සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  මිනිස් පරිභෝජනයට නුසුදුසු ඉතිරි කිරිපිටි  තොගයද විකිණිමට කටයුතු කරණු ලැබු අතර  එම තොග ඉවත්කරගැනිමට කටයුතු කර ඇති බවය.



අදහස් (2)

කෝටි 47ක් වටිනා කිරිපිටි සත්ත්ව ආහාරවලට විකුණලා

Lankaputha Wednesday, 04 September 2024 01:11 PM

අවම වශයෙන් පැලවත්ත සුදුසුද කියලා පරීක්ෂා කරලා බලන්න. වතුර සමග කලවම් කළ පසු මේදය දියනොවී ඉහළ තැන්පත් වේ

:       8       11

Gamini Thursday, 05 September 2024 11:40 AM

ප්‍රශ්නයක් නෑ , දැනට පෙනෙන අයුරින් ඉදිරියට කිරිපිටිවල හිගයක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site