(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි හතලිහක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගියෙක් , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති '' හරිත මාවත" ඔස්සේ රැගෙන ගෙන යාමට උත්සහ කරද්දි ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම අත් අඩංගුවට ගනු ලැබූහ.
සැකකරු 52 හැවිරිදි කැනඩාවේ ඔන්ටාරියෝ හි පදිංච්කරුවෙකි
ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ "හෂීෂ්" කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 196 ක් සහ " කොකේන් " කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 298 ක් සඟවා ගෙන තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කෝටි 40 කුඩු රැගෙන ආ කැනඩානුවා මාට්ටු
Malaka Friday, 25 July 2025 08:30 AM
කැනේඩියානු ජාතිකයන් කිහිප දෙනෙක්ම මේ දිනවල අහු උනා මතකයි. මේ අයව විදේශික ශ්‍රීලංකිකයන් යොදවනවාදයි සැකයි. පුළුල් පරීක්ෂණ පැවත්වා නිසි පියවර ගන්න. මෙය කාලාන්තරයක් තිස්සේ කරගෙන එන බවයි පෙනෙන්නේ