(යොහාන් භාසුර සහ ටී.කේ.ජී. කපිල)
රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් තොගයක් මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය.
දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට ඊයේ පස්වරුවේ පැමිණි ගුවන් යානයකින් 34 හැවිරිදි කෙන්යානු ජාතිකයා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගත් බවත් බිස්කට් ටින් 3 ක අසුරා තිබියදී මෙම කොකේන් ඔහුගේ සොයාගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොල හරහා සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිත බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කෝටි 30ක කොකේන් සමග කෙන්යානුවා රේගු දැලේ