IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෝටි 24ක දුම්වැටි වනසයි

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් විසිහත්කෝටි හතළිස් ලක්ෂ දහ අටදහස් දෙසීයක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක්  මුතුරාජවෙල විදුලි ජනන බලාගාරයේදී විනාශ කරනු ලැබීය.

කටුනායක බණ්ඩාරනාය ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් 2025 මැයි මස 25 වන දින සිට 2025 ජූලි 20 දින දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළට නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ විදේශීය දුම්වැටි 1,826,788 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.

මෙම දුම්වැටි දේශීය වෙළඳපළට නිකුත්වූවා නම් ඉන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමිවීම රු.205,668,674 ක් පමණ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය

ගුවන්ටුතොටුපල තුළ රේගු නිලධාරීන් විසින් දෛනිකව සිදුකරන ලද වැටලීම් මගින් මෙම දුම්වැටි අත්අඩංගුවට ගෙන රාජසන්තක කර ඇත. රේගු ආඥා පනතේ 12, 43 වන වගන්ති අනුවද 1999 අංක 8 දරන දුම්කොල පනත අනුවද ශ්‍රී ලංකාව තුලට දුම්වැටි රැගෙන ඒම හෝ ආනයනය කිරීම හෝ නීති විරෝධී ක්‍රියාවක් යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

කෝටි 24ක දුම්වැටි වනසයි

පිටරටවැසියා Friday, 12 September 2025 08:55 AM

ගෙනාවේ නීතිවිරෝධීව වුණත් නීත්‍යනුකුලව විකුණන්න පුළුවන්නේ. රටට ගෙනාපු හින්දා රටේ තියෙන ඩොලර් ටිකත් පිටට ගිහිං ඉවරයිනෙ. එහෙම එකේ රාජසන්තක කරපු නීතිවිරෝධීව ගෙනෙන ලද දුම්වැටි, බීඩි කොළ, මද්‍යසාර වගේ දේවල් රජය මගින් දුම්කොළ සමාගමට සහ මද්‍යසාර සමාගම්වලට අලෙවිකොට මහ භාණ්ඩාගාරයට මුදල් බැරකරන්න පුළුවන්නේ. නීතිවිරෝධීව ගෙනෙන ලද කහ සහ ඉඟුරු වගේ දේවල් සතොසට අළෙවි කරන්න පුළුවන්නේ. නීතිවිරෝධීව ගෙනෙන ලද වාහන සහ රත්තරනුත් ඔයවගේ පුළුස්සා විනාශකරනවද? 2/3 ක් තියෙන එකේ අණ-පණත් වෙනස්කරගන්න බැරිකමක් නෑනෙ? රජයේ නිලධාරීන්ට සහ පාලකයන්ට ඉක්මණින් නුවණැස පහළවේවා !!!

:       4       10

Pradeep KumaraFriday, 12 September 2025 02:14 PM

මගේ අදහසත් ඕකම තමයි. රුපියල් කෝටි 24ක් කියන්නේ පොඩි මුදලක්ද?

:       1       2

රංවල මුත්තා Saturday, 13 September 2025 09:36 AM

එක සැරයක් මම කොමිටියකදි ඇහුවා ඇයි දුම්වැටි විනාශ කරන්නේ, ඇයි ඒවා වෙන්දේසි කරලා රජයට ආදායමක් නොගන්නේ කියලා. උත්තරය, ඒ දුම්වැටි සෞඛ්‍යයට අහිතකරයි කියලා. හරියට අනික් දුම්වැටි හිතකරයි කියලා හිතනවා වෙන්න ඇති. පස්සේ එතැන හිටපු නිළධාරියෙක් පෞද්ගලිකව මාත් එක්ක කිව්වා දුම්කොළ සමාගම්වල බලපෑම නිසා විනාශ කරන්නේ කියලා. කෝටි ගණනක රාජ්‍ය ආදායම් අහිමි කරගන්නවා බලපෑම් නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31304 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13498 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 932 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site