IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි

(අජිත්ලාල් ශාන්තඋදය)

කළුගඟේ හැරනියාවක ප‍්‍රදේශයේ මැණික් ගැරීමට ටෙන්ඩර් ලබා දී ඇත්තේ කෝටි දොළහ හමාරකට වුවත් මැණික් ඉල්ලම් ගත්තහොත් කෝටි 1500ක 2000ක මහා අලාභයක් අනාගතයේ දී රටට විඳින්නට සිදුවන බව සබරගමු පළාත් සභා එජාප මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල මහතා පවසයි.

“මෙතන ගැඹුර තැනක්. ගං පතුලේ ඉඳලා අඩි 50ක් 60ක් යටට ඉල්ලම ඇතැයි කියලා විශ්වාස කරනවා. ඒ ඉල්ලම මඩ, වැලි සහ පස් එක්ක මිශ‍්‍රවෙලා තියෙන්නේ. ඒ ටික ගත්තොත් ගංඟාවේ ඉවුරු කඩා වැටෙන එක අනිවාර්යයි. එහෙම වුණොත් ඉවුර දෙපැත්තේ ඉඩම්වල තියෙන ගෙවල් 100කට විතර හානි වේවි. ඒවා පිටුපස කන්ද නායයාවි. හැරනියාවක පාලම සහ ඊට ඉහළින් අලූතින් ඉදිකළ පාලමට හානි වේවි.  මේ කරන්නේ අනාගත ව්‍යසනයකට අතවැනීමක්“

“වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය මේ පතල් කැපීමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය වගේම ගොඩනැගිලි හා පර්යේෂණායතනය මේ ගැන වාර්තා ලබා දියයුතුයි. මෙතන පතල් කැපීමෙන් අපි ඔය කිව්ව හානි කිසිවක් වෙන්නේ නෑ කියලා ඔය ආයතන සියල්ලම සහතික වෙනවානම් පතල් කැපුවට අපි විරුද්ධ නෑ. ඒ නිසා දැනටමත් ආයතන තුනක් විරුද්ධ වෙලා තියෙද්දි මේ අනාගත විනාශය ගෙනෙන ක‍්‍රියාවට ඉඩ දෙන්න එපා.“


හැරනියාවක පාලම සහ ඊට කිලෝමීටරයකට පමණ ඉහළින් කෝටි ගණනක් වැයකර කළු ගඟ හරහා ඉදිකළ පාලම අතර කළුගඟේ පතුලේ ඇති මැණික් ඉල්ලම් ගැනීමට පසුගිය 12 වැනි දා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් පෞද්ගලික සමාගමකට කෝටි දොළහ හමාරකට ටෙන්ඩර් දී ඇත්තේ කිරිඇල්ල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දැඩි විරෝධය මත බව ද කිරිඇල්ල මහතා පැවසුවේ ය.

“මෙතන මැණික් නිධානයක් ඇති බවටයි මැණික් ක්ෂේත්‍රයේ අයගේ විශ්වාසය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සහ ගොඩනැගිලි හා පර්යේෂණායතනය කියනවා නම් පතල් කැපීමෙන් අපි කියන හානිය වෙන්නේ නෑ කියලා මේක සොච්චම් මුදලකට ටෙන්ඩර් දාන්න එපා. රජයට ආදායම එනවිදියට නියාමන ක‍්‍රමයට හෝ වෙනත් ක‍්‍රමයකට ඉඩදීලා ඒ ආදායම රජයට ගන්න.අපි මේ විරුද්ධ වෙන්නේ දේශපාලන වාසි ගන්න නෙවෙයි. අපි දේවත්වයෙන් පරිසරයට ආදරෙයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

 
නිසි අයුරින් පාරිසරික වාර්තා ලබා නොගෙන   මැණික් කැපීම සඳහා ටෙන්ඩර් මගින් කෝටි දොළහ හමාරකට ලබාදීම ගැන නැවත සලකා බලන්නැයි තමන් ජනපති,අගමැති ඇතුළු රජයෙන් දැඩි අවධානයෙන් ඉල්ලා සිටින  බවද ඒ මහතා කීය.



අදහස් (13)

කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි

siri Sunday, 13 August 2017 08:19 AM

මෙතුමාගේ උත්සාහය සපල වේවායි පතමි. එ්ත් සමහර විට ඔබගේ ඉල්ලීම "බීරි අලින්ට වීණා වැයුවා වගේ" වෙන්නත් බැරි නැහැ.

:       18       235

raveendra Sunday, 13 August 2017 08:20 AM

කරුණාකර මෙය අනුමත කල මේවාකළ අයගේ නම් ගම් මාධ්‍යයට හෙළිකරන්න.

:       23       129

abaran Sunday, 13 August 2017 09:01 AM

සිරිපාල මහත්තයෝ පරෙස්සමෙන්... පක්ෂයේ ඇතුලේ ඉඳගෙන ඔය දැලිපිහියෙන් කිරිකනවා වාගේ වැඩක්....

:       159       222

raveendraSunday, 13 August 2017 10:25 AM

ඔබගේ අදහසට අප හට එකඟ විය නොහැක. පක්ෂය මෙතනට කොහෙත්ම අවශ්‍ය නැත. කවුරු කළත් හොඳ දේට හොඳ කීමට අපි පසුබට නොවෙමු. එලෙසම වැරදි දේට වැරදියි කීමටද අපි පසුබට නොවෙමු. රනිල්ගේ පක්ෂයද, මෛත්‍රීගේ පක්ෂද අනුරගේ පක්ෂයද අපට අදාල නැත.

:       34       107

Anton austria Sunday, 13 August 2017 11:33 AM

අද දැක්කේ මහත්මා ගතියක් තියෙන මහත්මයෙක්ව... ස්තුතියි ඔබට ...!!! අපේ රටේ ගොඩක් මිනිසුන්ට තියෙන්නේ බෙදාගත් දේශපාලනයක්... මං මේකේ අරයා, අරහේ කිව්වට... බොළඳ මිනිසුනේ කවුරු අාවත් අපට ඕනේ අපේ රට හැදෙන්නයි. අපි එහෙම හිතුවේ නැතිනම් හැමදාමත් නොදියුණු රටක් !

:       0       62

abaranSunday, 13 August 2017 11:56 AM

ඔබ සිරිපාල යයි මම අනුමාන කරමි!! කමක් නැහැ නොබියව වැඩේ කරන්න....

:       0       14

raveendraSunday, 13 August 2017 01:16 PM

අබරන් මයා වෙත. ඔබගේ අනුමානය 100% ම වැරදි බව කණගාටුවෙන් පවසමි. නිවැරදි දෙය දැකීමට... නිවැරදි දෙයට තම කැමැත්ත ප්‍රකාශ කිරිමම ප්‍රමුඛත්වය දෙන්නෙමි. මෙතෙක් කලක් මා තව කෙනෙකුගේ නමින් පෙනී නොසිටි අතර මෙයමගේ නියම නම බව නොබියව සඳහන් කරමි. මා මගේ රටට ආදරය කරන පුරවැසියකු වන්නෙමි. එබැවින් අප රටේ මුල් පුරවැසියාට වුණත් හොඳ දේ හොඳය සහ නරක දෙය නරකය කීමට මා නොපැකිළෙමි. " කවුරු" බලයට පත් වුණත් මට එය අදාල නැත. මොකද මා මෙතෙක් කල් කිසිම "දේශපාලකයෙකුගෙන් " සතයක දෙයක් වත් ලබාගෙන නොමැති අතර ලබාගැනීමටද බලාපොරොත්තු නොවෙමි. පුරාදශක දෙකකටත් වැඩි කාලයක් මව්බිමෙන් ඈත්ව සිටින අප මව්බිමේ සිදුවන සෑම දෙයක් ගැනම ඉතා සංවේගයෙන් බලාසිටින අතර නොබියව අදහස් ද ප්‍රකාශ කරන්නෙමු.

:       0       21

ලුම්බිණි Sunday, 13 August 2017 09:38 AM

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය මේ පතල් කැපීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ නම් කොහොමද මේක වෙන්දේසි කලේ?

:       7       119

kalpa Sunday, 13 August 2017 11:37 AM

ප්‍රාදේශිය කමිටුව විරුද්ධ වුනත් අපි පසුගිය අවුරුදු දවස්වල දැක්කා වර්තමාන උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ අයිතිය තිබිල දැනට විකුණපු ඉඩම ඉදිරිපිට ගඟේ අනෙක් ඉවුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නව ප්‍රදේශයේ ආරක්ෂාව භාර නිලධාරීන් අනවසරයෙන් ගඟ ඉවුරේ පතල් කප්පවනවා. මොකද ඒ ගැන නොකිව්වේ?

:       1       1

raveendra Sunday, 13 August 2017 01:26 PM

ඇන්ටන් මහත්මාවෙත, ඔබගේ අදහස පිළිබඳව ස්තුතිවන්ත වෙමි. අප අපගේ මව්බිම දෙස ඉතා ඕනෑකමකින් බලා සිටින්නේ එය ඔබේත්, මගේත්, අප සියලුදෙනාගේත් මාතෘභූමිය බැවින්ය. ජරාජීර්ණ, අශීලාචාර දේශපාලකයන්ගේ දඩබිමක් වී ඇතිබැවින් එය පිළිබඳව කණගාටු වෙමි.

:       11       61

de silva berlin Sunday, 13 August 2017 04:13 PM

කොටි 12 කට කළු ගඟ හාරන්න ඉඩ දෙන්න එපා , ඕක කරලා නය ගිහින් පළාතම විනාශ වුනහ ම මොකද කරන්නේ ? රටේ ගඟ වල සහ ගන් ඉවුරක සිට අඩුම තරමේ මීටර් 50 ක්වත් සීමාවක පතල් කැනීම ටහනම් කරන නීති ගෙන එන්න ,

:       0       0

akila Monday, 14 August 2017 12:03 AM

අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පරිසරය ගැන හිතනවා මේ දැක්කමයි , සමහර විට ඔයාව ඕකට සම්බන්ද කර නොගත්ත හින්ද තරහටද දන්නේ නැහැ

:       0       0

සුනිල් පෙරෙරා Monday, 14 August 2017 01:34 AM

පරිසර අරක්ශන බලපත්‍රයක් නොමතිව මෙවනි ක්‍රියකරකම් සිදුකල නොහෙක

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31402 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13657 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11028 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1042 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site