කුරුලූ බෙටිත්, සීගිරියේ අලූත්වැඩියාවට ගෙන ආ සිමෙන්ති ඇතුළු රසායන ද්‍රව්‍යයන්හි ලූණු ගතිය නිසා සීගිරි කැටපත් පවුරට ලූණු කා වැදී ඇතැයි ද, එයින් සීගිරි ගී වලට හානි විය හැකි යැයි ද විද්‍යාඥයෝ පිරිසක් කියති. කැටපත් පවුරේ ”පුස්” වර්ගයක් හැදී ඇතැයි වාර්තා වීමෙන් පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල විශේෂඥ උපදෙස් පැතීය.
පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ජගත් වීරසිංහ, මහාචාර්ය ඞී.බී. නන්දදේව, ආචාර්ය අර්ජුන් නන්දතිලකගේ හා ප‍්‍රධාන සංරක්ෂක ඩයස් වගආරච්චි අද කැඩපත් පවුර පිරික්සූහ.
මේ කාරිය සඳහා පත්කර සිටින අජිත් ජයසුන්දර කළමනාකරු ද, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආචාර්ය ගාමිණී ඈකන්ද එහිවූහ.
ලූණු ගතිය ඉවත් කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග ඔවුහු සොයා බලති. අත්හදා බැලීම් ද සමග තුන් ආකාරයකින් පරීක්ෂණ පැවැත්වෙන බව විද්‍යාඥයෝ කියති.







2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැටපත් පවුරේ ලූණු
ඓන්ස්ටින් Wednesday, 24 October 2012 07:06 AM
තෙමෙන්නේ නැතිවෙන්න වහලක් ගහන්න බොරු වැඩ නොකර. (නි)
චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 02:04 PM
පද්මි, එතකොට කැඩපත් පවුරටද අපි මේ කැටපත් පවුර කියන්නේ? (නි)
චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 01:55 PM
ලංකාවේ වැඩිපුරම ලුණු තියෙන්නේ කොහෙද ළමයි ?..සර් හම්බන්තොට නෑ,...නෑ...ළමයි . සීගිරියේ (ස)
මිහිර Wednesday, 24 October 2012 07:52 AM
ඉක්මනින්ම වීදුරු සහිත ආවරණයක් කලානම් හරි කියලා මම හිතනවා.. ඇයි අපේ උරුමය විනාශවෙන්න දෙන්නේ අපි ඒවා රැක ගමු..!(නු)
චන්ද්‍රසිරි Tuesday, 23 October 2012 07:19 PM
සීගිරි ගී සීපද වෙලා...!(නු)
චන්ද්‍රා Tuesday, 23 October 2012 07:39 PM
අළුත් විදියට ප්‍රථම සිමෙන්තිවල රාසායානගාර පරීක්ෂාවක් කළේ නැද්ද?(නු)
සමන් සම්පත් රාජපක්‍ෂ Wednesday, 24 October 2012 08:18 AM
හෙණයක් පාත් උනේ ලුණු නිසාද දන්නේ නෑ ?(ස)
චරිත් Tuesday, 23 October 2012 07:49 PM
දිවිහිමියෙන් රැකිය යුතු දේවල්. ප්‍රමාද වෙන්න එපා. (නි)
මොහොමඩ් Tuesday, 23 October 2012 07:57 PM
ඒ කාලේ සීගිරියත් විකුණන් කනවෝ කියලා කෑ ගැහුව කට්ටිය කෝ දැන්? (නි)
මොහොමඩ් Tuesday, 23 October 2012 08:07 PM
ඒකාලෙ සීගිරියත් විකුණන් කනවෝ කියලා කෑගැහුවා කෝ ඒ අය දැං..!(නු)
දිලීප Wednesday, 24 October 2012 09:10 AM
කැටපත් පවුර ආරක්ෂා කරන්න වැටවල් ගහන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය එකම දේ, කෘතීම දේවල් බාවිතා නොකීරීමයි. ඒ බැම්ම හදලා තියෙන දේවල් දිහා බැලුවහම, ස්වාභාවයෙන් වෙන විපත් වලින් ආරක්ෂා වුණත්, කෘතීම දේවල් වලින් විනාශ වෙනවා. (නි)
චන්ද්‍රා Wednesday, 24 October 2012 03:23 PM
මේ කට්ටිය ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නැහැ. (නි)
චූලක Wednesday, 24 October 2012 09:04 AM
කවුරු හරි කෙනෙක් උඩට ගිහින් මුත්‍රා කරලද දන්නෙ නැහැ. ඊඊඊඊඊය්යා (නි)
ජනිත Wednesday, 24 October 2012 09:31 AM
මුස්ලිම් අය වගේ අපේ ජාතික උරුමයන් නැතිකරන්න සහය වෙන්න එපා. (නි)
නලීන් Wednesday, 24 October 2012 09:32 AM
ඕකට වැඩිය හොද නැද්ද සීගිරි ගල ඇතුළේ තියෙන මාළිගාව හොයාගත්තා නම්? (නි)
චානක Tuesday, 23 October 2012 08:51 PM
ඇත්තටම කිව්වොත් සිංහල අපි තාමත් අපේ දේ අගය කරන්වා අඩුයි.. මේවා ඉදිරි පරපුරට ආරක්ෂා කළ යුතුයි..!(නු)
චූලක Wednesday, 24 October 2012 09:41 AM
පද්මි අක්කේ, ඉස්සර සීගිරි ලලනාවෝ අතින් ගෙනියන්නෙ වැටකොළු මල්. ඒවට ඒ කාලෙ කිවුවෙ රැට් කොට් මල් කියලා. ඒ වගේම කැඩපතට ඒ කාලෙ කියලා තියෙන්නෙ ‘‘කැට පත’’ කියලා හරිද? (නි)
රමනී Tuesday, 23 October 2012 09:08 PM
අර්තාපල් හා පැපොල් එකට අඹරා ලබාගන්නා පල්පය අවශ්‍ය ස්ථානයේ ගාන්න, වියළීමට නොදී නිතර තෙමන්න,දින 21ක් කරගෙන යන්න. තවදුරටත් ගැමියන්ගෙන් උපදෙස් ගන්න. (නි)
පද්මි Tuesday, 23 October 2012 09:14 PM
ඉංග්‍රීසියෙන් බෝර්ඩ් එක ගහලා තියන්නේ මිරර් වෝල් කියලා. එහෙමනම් විය යුත්තේ කැඩපත් පවුරයි. දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරනවද? (නි)
ඉරේෂ් Wednesday, 24 October 2012 10:40 AM
එහෙන් අකුණු මෙහෙන් ලුණු. අනේ මන්දා, මේවා ඉස්සරහට දකින්න ලැබෙයිද කියලා. (නි)
අමිල Wednesday, 24 October 2012 11:18 AM
සීගිරි ලඳුන් මුත්‍රා කරලාවත්ද ?? (ස)
සුමිත් Thursday, 25 October 2012 06:06 AM
මොකක්ද විද්‍යාඥයින්ගේ කාර්යභාරය? (නි)
ඩිලාන් Wednesday, 24 October 2012 01:03 PM
උගත් මහත්වරුනි, නිවසක් ගොඩනගනා ලෙසට සිතුවමක් ගොඩනැගිය හැකිද? (නි)
ජානාත් Wednesday, 24 October 2012 02:11 AM
ඔය තියෙන්නේ ජාතික අභිමානයයි.. කටුගෙට කළා වගේ පුළුවං නම් ඕකත් විනාශ කරලාම දාන්න..!(නු)
ජයී තිසර Wednesday, 24 October 2012 02:05 AM
බලකොටු තනා ගල් පවුවක කළ රජකම් මුළු ලොව පුදුම වී නරඹන ඒ දස්කම් නවතා කෙසේ හෝ ඇතිවෙන මේ පැල්ලම් කැඩපත් පවුර රැක ගැන්මත් අපෙ යුතුකම් (නි)
ජීවා Wednesday, 24 October 2012 01:32 PM
සිංහලයගේ අභිමානය වෙන සීගිරිය රැකගන්න බලධාරීන් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනි (ස)
හිල්ම් Wednesday, 24 October 2012 05:00 AM
ඡායාරූපයේ ඉන්න කාන්තාව කවුරුද? ඇය හරිම ලස්සනයි. (නි)
ෆිස් Wednesday, 24 October 2012 06:02 AM
අනේ! අපි මේවට දැන් නැහැ පිළිතුරු.... (නි)