IMG-LOGO

කටුනායක වෙළඳ කලාපයෙන් තවත් ආසාදිතයින් 44 ක්

(ටී.කේ.ජී. කපිල)

ගත වූ පැය 24 ක කාලය තුළ, එනම් අද (20) සවස 4.00 වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් 1,702 ක් වාර්තා වී ඇති අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 268 දෙනෙකු බවද ඈපා මහතා පැවසීය.

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයට පරිබාහිරව පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින් ගත වූ පැය 24 ක කාළය තුළ කිසිදු කොරෝනා ආසාදිත සේවකයෙකු වාර්තා වී නොමැත.

ඒ අනුව එම කර්මාන්තශාලා වලින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 25 ක් බවත්, ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් සොයා සමස්ථ පී.සී.ආර්. පරීක්ෂණ 25,971 ක් සිදු කර ඇති බවත් ඈපා මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය කොට්ඨාසය තුළ අද සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 23 දෙනෙකු හදුනා ගෙන ඇති අතර ඔවුන් දොම්පේ සහ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

එම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 280 ක් බවද කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.



අදහස් (0)

කටුනායක වෙළඳ කලාපයෙන් තවත් ආසාදිතයින් 44 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 410 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site